
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටෙරි මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටෙරි මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර හමුවක් පැවැත්විණ.
එහිදී බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇත.ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා තානාපති යූරි මැටෙරි මහතා දැනුවත් කර බව පැවැසෙයි.
තවද ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවසන් නොකළ නිරතවීම් සම්බන්ධයෙන් සමීප සහයෝගයෙන් යුක්තව කටයුතු කළ බව තානාපති යූරි මැටෙරි මහතා හමුවේදී ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රටක්ම සහාය දෙනවා කියලා රනිල් අයියා කියනවා. ඒත් කින්ද මන්ද කොහොමද? කොයි ආකාරයටද කියලා කියන්නේ නැහැ... කපටිකම්වල නම් ඉවරයක් නෑ
මේ ඔක්කොම කථා... හැබැයි බඩු නෑ, කෝ සුසිල්.. එයා ආගිය අතක් නෑ...