IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රුසියාවේ ප්‍රමුඛ ධනවතෙක් කොළඹ වරාය නගරයේ සංචාරයක

 

(චමින්ද මුණසිංහ)

ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිරන්ජන් දේව ආදිත්‍ය මහතා ද එම අවස්ථාවට එක් විය.

ස්වෝත්සාහයෙන් දියුණු වූ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන මෙල්නිචෙන්කෝ, ස්විට්සර්ලන්තය පදනම් කරගත් දැවැන්ත පොහොර සමාගමක් වන EuroChem සමූහ ව්‍යාපාරයේ සහ රුසියාව පදනම් කරගත් බලශක්ති සමාගමක් වන SUEK හි මහා පරිමාණ ආයෝජන තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, එහි වත්මන් ඉදිකිරීම් කටයුතු සහ අනාගත සංවර්ධන සැලසුම් ආදිය සම්බන්ධයෙන් මෙහිදී මෙල්නිචෙන්කෝ මහතා ඇතුළු පිරිසට කරුණු විස්තර කිරීමට එම ව්‍යාපෘතියේ විකුණුම් හා ආයෝජක සම්බන්ධතා පිළිබඳ මෙරට කළමනාකරු රධික ඇල්ලේපොළ මහතාකටයුතු කළේය.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදීමෙන් යුතුව අදහස් දැක්වූ මෙල්නිචෙන්කෝ මහතා, මේ වනවිට ඉදිකරමින් පවතින වරාය නගරයේ ක්‍රමෝපායික සැලසුම්කරණය පිළිබඳව සිය ප්‍රසාදය පළකළේ ය.

ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජෙනරාල් පසන් වනිගසේකර සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කොළඹ වරාය නගරය ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් කිහිප දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූ අතර,ඒ අනුව ශ්‍රී ලංකාව නැවත වරක් අනාගත ආයෝජනයන් සඳහා විශ්වාසනීයස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් පවතින බව පෙනී යයි.

ශ්‍රී ලංකා රජය නුදුරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට බලපැවැත්වෙන විශේෂ ආර්ථික කලාප නීතිය හඳුන්වා දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂාකෙරෙන අතර, එම පියවර මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.

 



අදහස් (1)

රුසියාවේ ප්‍රමුඛ ධනවතෙක් කොළඹ වරාය නගරයේ සංචාරයක

විජිත් Thursday, 18 March 2021 04:18 PM

මොනවාද ඔය කියන නීති...? මිනි මරලා හැංගෙන්න පුළුවන්, මිනි මරලත් හංගන්න පුළුවන්.වෙනම පොලිස් නීති. රටවල් හොරාකාලා හැංගෙන්න පුළුවන් , හැකි තරම් කළු සල්ලි අරගෙන එන්න. අප ඔබව සාදරයෙන් පිලිගන්නවා. වගේ නීති නේද...? ඒ කියන්නේ ලේ ගෑවුන සල්ලි මේ මාරයාගේ නගරයේ හංගන්න පුළුවනි.ඒ වගේමයි...ඔය යකාගේ නගරයේ අප ද්‍රව්‍ය අපේ රටට එහෙම ගෙනෙනවා නොවෙයි. කෙසේ වෙතත් මට දැනගන්න ලැබුන හැටියටනම් ලෝකයේ දියුණුම බටහිර රටවල් මේ ගැන වැඩි අවධානයක් යොමුකරලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 682 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 116 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 402 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 843 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 496 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 728 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site