
යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන පොක්‍රොව්ස්ක් සඳහා වන සටනේදී යුක්රේනය පරාජය වුවහොත් අනාගත සාම සාකච්ඡාවලදී රුසියාවේ ව්ලැඩිමීර් පුටින් කෙරෙහි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බලපෑම හිතකර විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
මාස ගණනක දරුණු සටන්වලින් පසු, විශ්ලේෂකයින් පවසා ඇත්තේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට නරක කාලයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
රුසියාව පොක්‍රොව්ස්ක් අල්ලා ගැනීමට ආසන්නව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඝන මිදුම නිසාවෙන් රුසියා හමුදාවන්ට පොක්‍රොව්ස්ක් නගරය වට කිරීමට පහසු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය සමස්ත යුද්ධයට සහ සටන් විරාමයක් හෝ සාම ගිවිසුමක් සඳහා අනාගත උත්සාහයන් සඳහා විශාල ඇඟවුම් ඇති කළ හැකිය.
මාක් බුද්ධි අංශයේ අධ්‍යක්ෂ සහ ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි ස්ලාවොනික් සහ නැගෙනහිර යුරෝපීය අධ්‍යයන පාසලේ ගෞරව මහාචාර්ය මාර්ක් ගැලියෝටි පැවසුවේ පොක්‍රොව්ස්ක් වැටීම යුක්රේනයේ සන්ධිස්ථානාත්මක සිදු වීමක් විය හැකි බවත් පොක්‍රොව්ස්ක් වැටීම තුලින් රුසියාව නැවත වරක් ජයග්‍රාහකයා ලෙස දැකීමට ට්‍රම්ප්ට අවස්ථාවක් ලැබෙන බවත්ය.
(හසිනි නවොද්‍යා අන්තර් ජාලය අසුරින්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ටම කියා දේශපාලන දැක්මක් හො අවබෝධයක් නැති මෝඩ ජෝකර් කෙනෙක්ට රට භාර දීමෙන් සිදුවන යුක්‍රේනයේ ජනතාව අද පුදුම පරිප්පූවක් කන්නේ !