(ටී.කේ.ජී.කපිල)
රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද(14) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඒ මහතා සමග නිලධාරීන් 42කගෙන් යුතු දූත පිරිසක්ද පැමිණ සිටියහ.
මෙම පිරිස රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා විදේශ ඇමති වෙන්න කලින් පටන් ගත්ත තැන ඉදල ඇමති වෙනකම් ආපු විදිහ හොයලා බැලුවනම් තේරෙයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා.
හොඳ ප්‍රවණතාවක් චීන රුසියා ඇමෙරිකා තුන් ගොල්ල එක දවසේ මොකද.?
අර අයට දුන්නනම් අපිත් කැල්ලක් දෙන්න කියන්න වෙන්න ඇති.