
(එම්.සුසිල් ප්‍රියන්ත)
යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් ගාලුපාරේ අම්බලන්ගොඩ නගරයේදී අද(25) උදෑසන සිදු වූ රිය අනතුරකින් සිය දරුවා සමඟ යතුරුපැදියේ ගමන් ගත් මව මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ඌරවත්ත පදේශයේ පදිංචි අම්බලන්ගොඩ නගර සභාවේ සේවිකාවක වන තිස්අට හැවිරිදි ලකීෂා යසස්වි නමැත්ති දෙදරු මවක් බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තිය අම්බලන්ගොඩ නගර සභාවේ ආදායම් පරිපාලිකාවක් ලෙස සේවය කරන බවත් ඇය සිය යතුරු පැදියෙන් දරුවා පෙර පාසලට ඇරලවීම සදහා අම්බලන්ගොඩ ඌරවත්ත සිය නිවසේ සිට කොළඹ පැත්තට එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
යතුරු පැදියේ ගමන් ගත් ඇයට සිය යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව ලොරිය පැත්තට වැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍ය ජීවිතයට කිසිම පැත්තකින් ආරක්ෂාවක් නැති අවීචියට යාමට පව් මදි උන් පමණක් ඉපදෙන රටක් මේක.
කොහොමහරි බලයට එන්න හිතාගෙන මහින්ද උන්නැහේගෙ කාලයේ ක්ෂේත්‍ර නිළධාරින්ට යතුරු පැදි ලබාදුන්නා නමුත් එම වියදමට සාපේක්ෂව රටේ සංවර්ධනය වුනේ නැහැ එන්න එන්නම රට අගාධයකට ගියා බොහොමයක් නිළධාරින් අඩුවෙන් ලැබුණු යතුරු පැදි විකුණා ලාභයක් ගත්තා යතුරු පැදි වැඩිවීමට අමතරව ත්‍රීවීලර් කාරයොත් වැඩිවුනාම මාර්ග නීතියක් නැති ඔවුන් දෙගොල්ලම ගාල කඩාගත් හරක් වගේ පාරේ යනවා පොලිසිය වුනත් යතුරු පැදි අල්ලන්නේ නැහැ කොහොම වුනත් යතුරු පැදි හා ත්‍ර්‍රීවිලර් සදහා විදිමත් ක්‍රමයක් හදන්න ඕන උදාහරණයක් හැටියට ත්‍රීවීලර් එක්කට යන්න වේග සීමාව 40යි ඉතින් ඔවුන් මාර්ගය මැදින් 40 වේගයෙන් යනවිට 60 ට 70 වට යාමට අවසර තියෙන වාහනයක් වුනත් 40ට යන්න වෙනවා එයින් අධික ඉන්ධන වැයක් වෙනවා බොහෝ යතුරු පැදිකරුවන් කාරියන් මෙන්ම ත්‍රීවීලර් කාරයෝ දකුණට සිග්නල් දමා වමට හරවනවා ඉන් පස්සෙ හරියට ගිය කෙනාටත් කුණුහරුප කියලා ඉවරයක් නැහැ ට්‍රැෆික් අප්පුහාමිලා නම් ඒවා බලන්නෙ නැහැ මොකද දඩකොලේ එහෙම දඩයක් සදහා විධිවිධාන නැහැ