(ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව වේයන්ගොඩ මාර්ගයේදී අද (02) උදෑසන ලොරියක් නිට්ටඹුව විද්‍යානන්ද විහාරස්ථානයේ ආසන්නයේ දී පදික මාරුවේදී තිදරු පියෙකුගේ (75) හැපීමෙන් බරපතල තුවාල ලැබූ තිදරු පියා මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශය පවසයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ නිට්ටඹුව නගරාසන්නයේ පදිංචිව සිටි කේ.ඇම් ආරියසේන නැමැත්තෙකි.
මිය ගොස් ඇති පුද්ගලයා නිට්ටඹුව විද්‍යානන්ද විහාරස්ථානය ආසන්නයේ ඇති පදික මාරුවෙන් මාර්ගය මාරු වෙමින් සිටියදී ලොරියේ හැපී මීටර් දහ තුනකට වැඩි දුරක් විසිවී ගොස් බරපතල තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමත් සමග ප්‍රකාශයක් නොකරම මිය ගොස් ඇති බවද පොලීසිය කීය.
රියදුරා අධික වේගයකින් ලොරිය පදවා ගෙන පැමිණ එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd