IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රිය අනතුරින් ගුරුවරයා මරුට

(සිතුම් චතුරංග)

යාපනය , නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව ඊරට්ටපෙරියකුලම තැපැල් කාර්යාලය අසලදී නාවික හමුදාවට අයත් බස් රථයක් යතුරු පැදියක ගැටී  පුද්ගලයකු මියගොස් ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.

පූනෑව නාවික හමුදා කඳවුරේ සිට යාපනය දක්වා නාවික සෙබලුන් රැගත් බස්රථය ගමන්ගත් බස්රථය යතුරු පැදියේ ගැටී ඇතැයිද පොලිසිය පැවසීය.

එලෙස අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව , ඊරට්ටපෙරියකුලම පදිංචි අනුෂ්ක ලක්මාල් (28) නැමති ගුරුවරයකු බව පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ යතුරු පැදිය එකවර මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී බස්රථයේ ගැටී අනතුර සිදුව ඇති බවත්ය.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලවෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයිද කීය.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු ලෙස කටයුතු කළ නාවික හමුදා සෙබලකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු  වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වවුනියාව ඊරට්ටපෙරියකුලම රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

රිය අනතුරින් ගුරුවරයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site