
(අමිල චින්තක ගමගේ)
සම්මානනීය ගේය පද රචකයකු හා ගත් කතුවරයකු වන රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (21) වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී සිදු කරන බව ආදාහන කමිටුව සඳහන් කරයි.
සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මේ වන විට වැල්ලවත්ත සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.
1950 දී කොස්නිල්ගොඩ රජයේ රෝහලේදී උපත ලැබූ උන්වහන්සේ සහෝදර සහෝදරියන් හය දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වේ.
සිද්ධාර්ථ හිමියන්ගේ උපතේ විශේෂත්වය වන්නේ වෙසක් පොහෝ දිනයක උන්වහන්සේගෙ උපත සිදුවීමයි.
1963 ජුලි 22 වැලිව ගංගාතිලක විහාරයේදී රඹුකන සිද්ධාර්ථ නමින් උන්වහන්සේ පැවිදි දිවියට එළැඹෙන්නේ 1963 ජුලි 22 වැනිදාය. 1972 දී මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී උපසම්පදාව ලබාගත් රඹුකන හිමියන් සාමණේර වයසේ සිටම ගීත කලාවට ඇලුම් කළහ.
සිද්ධාර්ථ හිමියන්ගේ ගීතයක් ගුවන් විදුලියේ මුලින්ම විකාශය වී තිබෙන්නේ 1976 වසරේය. කාලයක් අසනීපව සිටි උන්වහන්සේ අපවත් වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.
මේ වන විටත් රඹුකන හිමියන්ගේ දේහය දැකබලා ගැනීමට ලංකාවේ නන්දෙසින් බෞද්ධ ජනතාව පැමිණෙමින් සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd