ඉතාලියේ කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා රෝමයේ කතෝලික පල්ලි සියල්ලම මහජනයා සඳහා වසා දැමීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර රෝමයේ පාප්තුමාගේ නියෝජිතයා විසින් එම නිවේදනය සිදුකර තිබේ.
කාදිනල් ඇන්ජලෝ ඩි ඩොනාටිස් පැවසුවේ අවම වශයෙන් අපේ‍්‍රල් 3 වැනිදා දක්වා රෝමයේ පල්ලි 900 ක් වසා තබන බවයි.
වතිකානුව මේ වන විටත් ශාන්ත පීතර චතුරශ්‍රය, ශාන්ත පීතර බැසිලිකාව සහ වතිකානු කෞතුකාගාරය සංචාරකයින් සඳහා වසා දමා ඇති අතර ඒවායේ මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු පැවැත්වීම අත්හිටුවා ඇත.
මෙලෙස පල්ලි වසා දැමීම මින් පෙර සිදුනොවූ දෙයක් ලෙස සැලකේ.
කාදිනල්තුමා පැවසුවේ අවසානයේදී රෝමයේ පල්ලි වසා දැමීමට තමා පෙලඹුණේ 'සාමාන්‍ය ජනතාවගේ යහපත සැලසීම' සඳහා බවයි.
(ඬේලි මේල් ඇසුරිණි - 085)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලි වැහුවා කියලා ලොකු වෙනසක් නැහැ. ලංකාවේ අය හිතුවට ඉතාලි කාරයෝ භක්තිමත් කතෝලිකයෝ කියලා වයසක කිහිප දෙනෙක් විතරයි පල්ලියක දකින්න හම්බවෙන්නේ. වැඩි හරියක් පල්ලියක පස් පාගන්නේ නැහැ. මේ අය තරහ ගියාම බනින්නෙම දෙවියන්වහන්සේට.... 'ශුද්ධවූ දෙවියන්වහන්සේ' කියන එකේ විරුද්ධ දෙයමයි මේ අය කියන්නේ.
ලංකාව තුළත් මෙවැනිම තහනමක් හෝ ආගමික සිද්ධස්ථාන වලට ජනයා ඒක රාශි වීම නැවැත්වීම හෝ ස්වයං වාරණයක් ජනයා විසින් සිදු කිරීම හෝ යුතුය. සමහර පූජ්‍ය ස්ථාන වල ජල පොකුණු, ජල පයිප්ප පොදුවේ සියළුම දෙනා නොයෙක් කටයුතු සඳහා පරිහරණය කරනවා. මෙම කොරෝනා විෂබීජය පැතිර යාමට ඒවා මූලාශ්‍ර විය හැක. ආගමික ස්ථාන බාරව සිටින අය මේ බව මහජනයාට දැනුවත් කරන්නේ නම් එය මේ අවස්ථාවේදී සමාජයට කරන ඉතා යහපත් ක්‍රියාවකි.
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ..
ඔව්, කරන එක හොඳයි, බැරි වෙලාවත් දෙවියන්ට බෝ වුණොත්...
මේකත් දෙවියන්ගේ ලෙඩක්, දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය... නොහැකියි...
දෙවියන්ට අපහාස කරන අයට කොරොනා මුලින්ම හැදෙනවා නම් හරි... හොඳින් අනික් අයට ඉන්න පුළුවන්...