IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රූප පෙට්ටියට - රේඩියෝවට දුන් බලපත් ගැන සැකයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විධිමත් ක්‍රමවේදයකින් තොරව බරපතල විෂමතා සහිතව රූපවාහිනී සහ ගුවන් විදුලි බලපත්‍ර ලබා දුන් අවස්ථා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඉහළ මාධ්‍ය සංස්කෘතියක් ඇති වන ආකාරයට බලපත් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටි බවද කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුකාරක සභාවක් පත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව සකස් කළ විද්‍යුත් ප්‍රකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධ කටයුතු බොහෝ දුරට අවසන් කර තිබෙන අතර විනිවිද පෙනෙන ආකාරයට බලපත් ලබාදීම සඳහා නෛතික ක්‍රියාවලිය එයින් සකසන බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් අනුකාරක සභාවේ සභාපතිත්වය දරන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

ලංකාවෙි මේ වන විට රූපවාහිනී ආයතන 25 ක් සහ ගුවන් විදුලිය ආයතන 51ක් තිබෙන බව ද ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසූයේ අදාල කෙටුම්පත සකස් කරමින් සිටින අතර තව සතියක් දෙකක් යන විට මාධ්‍ය ආයතන වලටත් අදාල කෙටුම්පත ලබාදී සාකච්ඡා කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීය.

 



අදහස් (3)

රූප පෙට්ටියට - රේඩියෝවට දුන් බලපත් ගැන සැකයක්

sam Thursday, 27 April 2023 01:20 PM

මුන් හොර මයිනත් එක්ක එකතුවෙලා රටම කාපු හැටි තමයි ඔය එලියට එන්නේ

:       0       11

විජිත් Thursday, 27 April 2023 04:13 PM

ආ .. හැට පැනලා, චීනයට මස්කරන්න යවන්න ඉන්න රිලා සියෙක් වැනි බන්ධුල නාකියා ඉඳලා හිටලා ඇත්තකුත් කිව්වා . ඒ නාලිකාව තමයි සි එස් එන් !!! මහින්දගේ දුෂිත පාලනය කාලේ, කළු සල්ලි යොදවලා අටවාගෙන යෝෂිත රාජපක්ෂ පවත්වාගෙන ගියේ. අයි ටි එන් නාලිකාවේ සහ රුපවාහිනියේ තිබුන " ලයිබ්‍රරි ෂොට්ස් " රාශියක් බලෙන්ම ඒ මැදමුලන මුකලානේ පවුලේ නාලිකාවට අරගෙන ගියා.රජයේ නාලිකාවල ට්‍රාන්ස්මිෂන් ඇන්ටෙනාවන් සි එස් එන් ට්‍රාන්ස්මිෂන් සඳහාත් නීති විරෝධිලෙස යොදාගත්තා.අන්ත දුෂිත ආකාරයට ඒ නාලිකාව පවත්වාගෙන ගියේ.

:       0       13

මහී Friday, 28 April 2023 07:36 AM

මෙයාගේ පුතණ්ඩියත් "සිහිනයකි රෑ" වැඩසටහන ට ආවේ, තාත්තා මන්ත්‍රී හින්දා වෙන්න ඇති. ඒකට කියන්නේ මහජන දේපල අවභාවිතය කියලා . අර "හඩ්සන් සමරසිංහ "කියලා එකෙක් උදේට රජයේ මාධ්‍යයක පට්ට පොහොට්ටු තෙලක් බෙදන්නේ. ඕකාව එතනින් පන්නන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site