මඩාටුගම නගරය ආසන්නයේ පවත්වා ගෙන යන රැදවුම් මධ්‍යස්ථානයක  සිටි බාල වයස්කාර දැරියන් තිදෙනකු  එම රැදවුම් මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇතැයි මඩාටුගම පොලිසිය කියයි.

මෙසේ පලා ගොස් ඇත්තේ වයස අවුරැදු 15,16 හා 17 හැවිරිදි වියේ පසුවන බාල වයස්කාර දැරියන් තිදෙනෙකි.

මොවුන් තිදෙනා ගලෙන්බිදුණුවැව,නොච්චියාගම හා තලාව යන ප්‍රදේශවල පදිංචි දැරියන් තිදෙනකු බව පොලිසිය කියයි.

අධිකරණයේ නියෝගය මත මෙම දැරියන් තිදෙනා මෙම රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තිබුණි.