
(ටී.කේ.ජී.කපිල )
හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(21 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය.
ඔහු සමග මෙම ගුවන් ගමන සදහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්ව සිටින්නීය .
මෙම ගුවන් ගමන සදහා ඔවුන් අද අලුයම් කාළයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
ඔවුන් අද උදෑසන 08.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහේම නවතින්න. ලොකු උදව්වක්.
තිරුපති ගිහිල්ලා නලලේ ගාගෙන එන්න. ඕක තමයි අපේ බොහොමයක් නායකයෝ විශ්වාස කළේ... ආත්ම විශ්වාසය බින්දුවයි
පුදුම වෙන්න එපා. එයා ආණ්ඩුවේ ප්‍රධානියා. ඒ දෙන්නම ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට අනුව වැඩ කරනවා.
ලොක්කා රජ කළා නම් මේ ට්‍රිප් එකත් අපේ ගානේ පවු. මොනවා වුනත් වෙන්න රජා ගේ 21 සී සෑමට නුගේගොඩ වෙල් යායට එන්න. තණකොළ පුන්නක්කු ඇත.
2015 දි මහා බැංකු බැදුම්කර මංකොල්ලයෙන් ශ්‍රී ලංකා මුදල් රුපියල් බිලියන 11 කට වඩා මුදලක් හොරකම් කළා. ඉතින් ඒ හොරා කෑව මහජන මුදල් ඕනෑතරම් ඇති මේ පිටරට සවාරි ගහන්න. අපි කියනවා... අපි පත්කරපූ NPP රජයට බැදුම්කර නඩුව ඉක්මනින්ම අහලා හැකි ඉක්මනින් දඬුවම් ලබා දෙන්න කියලා...
ගොඩ යන්න හිතාගෙන සන්විධානයකළ නුගේගොඩ රැළියට එයත් නැතෙයි...
ලෙඩ කන්දරාවක් තියෙන, ධමනි වැඩ කරන්නෙත් නැහැ කියලා දොස්තරවරු පවා කියලා තියෙද්දී මොන එහෙකට ගියාද මන්දා..?
මම හිතන්නේ මිනිහා මාරුවුණා.. නමුත් ගෑනිත් අරගෙන ? එහෙම වෙන්න බැහැ. එහෙනම් අරගෙන යන්නේ සාගල !!!ප්‍රංශයට පැනගෙන දේශපාලන රැකවරණ ගන්න ට්‍රයි කලාලු... නමුත් ප්‍රංශ තානාපති කාර්යාලය කීවාලු "ඉස්සර වගේ නොවෙයි.. දැන් අපි කුණු මාළු බෙල්ලේ ඔතාගන්නේ නැහැ ;." කියලා. අපි බලමු මිනිහා මොකද කරන්නේ කියලා... නඩුව ජනවාරියේ... ගැස්සුනොත් හිරේ... ඒක නිසාලු පණ බේරාගෙන පැන්නේ...