(මනෝප්රිය ගුණසේකර)
මේ වන විට මහත් ආන්දෝලනයට ලක් වී ඇති රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන නිලධාරීන් රාජකාරී කටයුතු වලදී දැඩි අපහසුතාවයට මුහුණ දෙන බව එම නිලධාරීන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මහජනතාවට විශ්වාසය තැබිය හැකි වන අන්දමට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරදෙන ලෙස සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමයේ සභාපති සුදත් පාලිත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනයේ රංජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අධිකරණ ක්ෂේත්රයට විශාල කළු පැල්ලමක් සිදුවී ඇති බවද සඳහන් කර ඇත.
අධිකරණ නියෝග මත නඩු වල විත්තිකරුවන්ට හා පාර්ශ්වකරුවන්ට සිතාසි හා නොතිසි භාරදීමට ක්‍රියා කරන ඇතැම් අවස්ථාවලදී සමහර පුද්ගලයින් අධිකරණයට දෝෂාරෝපණ කරමින් දක්වන ප්‍රතිචාර හේතුවෙන් රාජකාරී කටයුතු වලදී තමන් දැඩි අපහසුතාවයට මුහුණ දෙන බව පෙන්වා දෙන ඔවුහු මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොන විකාර කතාවක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. මේ ගොල්ලන්ට තියෙන්නේ උසාවියේ නියෝගයක් පුද්ගලයෙකුට බාර ගෙන එකනේ. ඒක බාරගන්න ඔහුගේ ප්‍රතිචාරය ගැන මොකටද මේ ගොල්ල තැකීමක් කරන්නේ? මට නම් පේන්නෙ මේ කරන්න හදන්නේ ලකුණු දාගැනිල්ලක් මිසක් අධිකරණයේ ගෞරවය රැකිල්ලක් නම් නොවන බවයි.
වැරදි කරන අය නෙවෙයිද, වැරැද්ද පෙන්නපු කෙනාද වැරදි.
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම අධිකරණයේ වගකීමකි.
පහුගිය දශක කීපය තුල අධිකරණ ක්ෂේත්රයේ සිදුවූ දුෂණ ක්‍රියාවන් වල එක් ප්‍රතිපලයක් තමා හඬ පට. ඔය වේල්ල හරි හැටි නඩත්තු නොකළ හෙයින් දැන් දැන් තැන තැන් වලින් බිඳෙන්න පටන් අරන්. පැලැස්තර ගහලා හරියන්නේ නැහැ. සම්පුර්ණයෙන් කඩන්නත් බැහැ. තම තමන් හොඳින්ම දන්නවා තම තමුන් රාජකාරි කරන ක්‍රමවේදය. හොඳින් හිතට තට්ටු කරලා බලන්න තම තමන්ගේ අවංක භාවය . ඊට පස්සේ ඇඟිල්ල දික්කරන්න අනිකා හට. අනුන්ට එක ඇඟිල්ලක් දික්කරනවිට තමන්දෙසට අඩුම තරමේ ඇඟිලි තුනක්වත් දික්වෙන විත්තිය අත්හදා බලන්න.
එයාලගේ නිරුවතත් හෙළි වෙලාද
රන්ජන්ගේ හඬ පටිය හිගන්නාගේ තුවාලේ වගේ. ගමරාලගේ වංගෙඩිය වගේ හැමතැනටම අදිනවා. මෙම හඬ පටියක් නිසා අධිකරණයේ කටයුතු වලට සාමාන්‍ය ජනතාව අගෞරවයක් කරන්නේ නැහැ.
මොකක්ද මේ "ඇස්කීසි" කියන්නේ ?
මී ඉටි ඉතාම හොඳයි කන් අගුල් වැටෙන එකට.
දැන් ඉතින් කිසි දෙකට බයවෙන්න දෙයක් නැහැ. තෝල්කයට අරක්කු බාගයක් අරන් දුන්නනම් ගොඩින්ම බේරාගන්න පුළුවන්. නිකන් මොකටද පෙරකදොරුවන්ට ලක්ෂ ගානක් ගෙවන්නේ.