(දසුන් රාජපක්ෂ)
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ කටහඬට සමාන ව්‍යාජ හඬපට රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලානාත්මක හඬපට සමඟ සම්බන්ධ කිරීමේ කුමන්ත්රණයක එක්සත් ජාතික පක්ෂය යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ එම ව්‍යාජ හඬ පට උප්පරවැට්ටියට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
අන්‍ය ආගමිකයකු වන රන්ජන් රාමනායක මහතා බුදු දහම අවමානයට ලක්වන අයුරින් කළ ප්‍රකාශය නිසා ආගමික ගැටුම් පවා ඇති වීමේ අවදානමක් ඇති වී තිබෙන බව ද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
බුදු දහම සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ රන්ජන් රාමනායක මහතා මැදපෙරදිග රාජ්‍යක ජීවත් වූයේ නම් අද වන විට ඔහුගේ ජීවිතය පවා නොතිබෙන්නට ඉඩ තිබුන බව ද ඒ මහතා කියා සිටියේ ය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා කියා සිටියේ රන්ජන් සමඟ හඬ පටයක කතා කරන තරුණ කලාකාරිනියක් එම කතා නිසා තමාට සිදු වූ අවමානය ඉවසා ගැනීමට නොහැකිව නිදි පෙති බී ජීවිතය තොර කර ගැනීමට උත්සාහ කර ඇති බවයි.
වාසනාවකට ඇයගේ ජීවිතයට හානියක් සිදු වී නොමැති බව පැවසූ මධුමාධව අරවින්ද මහතා අනුන්ගේ ජීවිත සමඟ රන්ජන්රාමනායක කරන මේ සෙල්ලම නැවැ වීමට එක්සත් ජාතික පක්ෂය පියවර නොගන්නේ නම් නුදුරේදීම සිරිකොත වටලන බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශබ්ද කරන්නත් කරලා තියෙන්න ඕනේ නේද ඇමතිතුමනි..?
බොරුවක්!
පැන්නා බළලා මල්ලෙන් එළියට.. පැනලා තිබ්බ කෙහෙල්කැන වැටට එළියෙන්... ඊට පිටිපස්සෙන් හොර බළලා...
එහෙම කළාට ඔරිජිනල් පොලිසිය බාරේ.... ඔය මොන බොරුව කළත් ඒවා අල්ලන්න පුළුවන්...
වරදකට නීතියෙන් දඬුවම් දිය යුතුමයි. නමුත් නඩුහබවලට පැටලිලා ඉන්න කෙනෙක් තව කෙනෙකුව නඩුවලට පැටලෙනවා දකින්න මේ තරම් වලිකනවා මං දැකලා නෑ. පුදුම වෛරයකින් කතා කරන බවයි මට නම් පෙනෙන්නේ.
ලොකු ලොක්කන්ගේ කතාවල් වහගන්න කියපු කතාවක් මේක. මේකේ කුමන්ත්‍රණ කරන්න දෙයක් නැහැ.. ලස්සනට ඇති කටහඬවල් ටික ඔක්කොගේම. අනික මේ කියන නිළියට එතකොට අනෙක් අයගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොඳද?
පුහුල් හොරා කරෙන් දැනේ...
දැනට සංසරණය වන වීඩියෝ පටිත් ඔබ ඔය එනවා කියන වීඩියෝ පටි වගේම ව්‍යාජ බොරු ඒවා වෙන්න බැරිද?
කවුද මේ වගේ අය පාර්ලිමේන්තුවට යෑව්වේ..? ඡන්දය දෙන අය ඈ. මේක හොඳ පාඩමක් ඊළඟ පාර දෙපැත්තෙම ඉන්න ගොනුන් පරාද කරන්න. අවාසනාවට ලාංකික හරක් හැමදාම එකම ගොන්කම කරනවා.
1971 කළුදිය දහර චිත්‍රපටියේ අධ්‍යක්ෂක විසින් කළ වරදක් නිසා එම චිත්‍රපටිය තහනම් කරා. ඔහු රටින්ද පිටිවහල් කරන ලදී. එබැවින් රන්ජන් හා සම්බන්ද සියලුම චිත්‍රපටි, ටෙලිනාට්‍ය සහ ලංකා වෙළඳපලේ විකිණීමට ඇති ඔහු හා සම්බන්ධයක් සියලුම දේවල් වහාම තහනම් කළ යුතුයි..!
මෙයත් කතා කරලා වගේ...
ගම්මන්.., ඔයා කට දානකොට අපි දන්නවා මොකද කියලා...? බයවෙලා වගේ නේද?
එහෙනම් ශුවර් එකට මෙයත් කෝල් දීලා ඇතිනේද?
බළලා මල්ලෙන් එළියට පැන්නද මන්දා...