(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අඟණකොළපැලැස්ස කොවිඩ් මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරි (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.
අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාර ගතව සිටි රන්ජන් රාමනායක මහතා මීට දින කීපයකට පෙර ඔහුගේ ඥාතියකුගේ අවමඟලකට සහභාගීවීම සඳහා බන්ධනාකාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සීදුව ප්‍රදේශයට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජෝ, ඔබ කොරෝනා රෝගයෙන් සුවපත් වී, ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!.
ඔබට ඉක්මණින්ම සුවය ලැබේවායි පතමි...!!!
මං දැනගත්තා බන්ධනාගාර නිළධාරින් මෙතුමාව බලෙන් මළ ගෙදරකට අරන් ගිහින් බලෙන්ම කෝපි පොවන කොට මේක වෙයි කියලා. මෙතුමා වගේ අහින්සකයො තමා හැමදාම අසාදාරණයට ලක් වෙන්නෙ.
ඉක්මන් සුවය පතනවා.
ඕකට තමයි කියන්නේ උඩ දෙවි කෙනෙකුත් ඉන්නවා කියලා...
කවුරු කොහොම කොච්චර බොරුවෙන් දේශපාලනය ජය ගත්තත් , දේශපාලන වාසි නොසලකා ඇත්ත කතා කරන පුද්ගලයෙක් තමයි රන්ජන් රාමනායක කියන්නේ .මොහුගේ චරිතයෙන්ම පේනවා අවංකව කටයුතු කරන පුද්ගලයෙක් කියලා .මොහුට බලය නොමැති වීම නිසා සාධාරණ දේශපාලනයේ නිරත වීමට නොහැකි වී තිබේ .විශාල බලයක් ලබා දී ඉහල පුටු වලට පත් කල යුත්තේ මෙවන් පුද්ගලයන් වේ .අවාසනාව නම් පක්ෂ විපක්ෂ සියල්ලෝම එකතු වී මොවුන් වැනි අය පාගා දැමීමයි .හොර ,කපටි දුෂිත දේශපාලකයන් බලයේ සිටින්නේත් අවුරුදු ගණනක් තිස්සේ මේ රට දුගී භාවයට පත් වී ඇත්තේද මෙම හේතුව නිසාවෙනි ..තව දුරටත් එසේ සිදු වීමට ඉඩ නොදෙමින් බුද්ධිමත්ව කටයුතු කරමු.රන්ජන් රාමනායක ඉහල පුටුවක බලවත් පුද්ගලයකු කිරීමට අවශ්‍ය රැල්ලක් නිර්මාණය කිරීමට සහාය වන්න . දුෂිත දේශපාලනය අවසන් කර වෙනසක් කිරීමට සහාය වන්න .ඔබ මෙයට එකඟ වන්නේද? නොවන්නේද ?