(ඉන්දිකා රාමනායක)
රට පුරා ගෙල බැඳි රන් මාල කැඩීමේ සිද්ධීන්වල ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් මාර්ගයේ ගමන් ගන්නා විට දැඩි අවධානයෙන් සිටින ලෙසට කාන්තාවන් ගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එවන් සිද්ධියෙන් හතරක් ඊයේ දින තුළ පමණක් වාර්තා වූ බව ද බවද හෙතෙම කියා සිටියේය.
යතුරු පැදි වලින් පැමිණෙන පිරිස් පාළු මාර්ගවල තනිව ගමන් ගන්නා කාන්තාවන් ළඟට විත් ලිපින සහ වෙනත් තොරතුරු විමසන මුවාවෙන්න මෙලෙස රන් මාල කඩා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බවද හෙතෙම කීය
එලෙස යතුරුපැදිවලින් පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
ගතවූ සති දෙකක කාලය තුළ පමණක් රන්මාල කැඩිමේ සිද්ධීන් වලට සම්බන්ධයෙන් පුද්ගලයන් 13 දෙෙකු අත් අඩංගුවට ගෙන තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට ඉස්සර ඔය අපරාධය කෝච්චියේදී කරපු එක්කෙනෙක් අද ඉන්න තැන දකින අනිත් අයටත් ඒවගේ තැනකට එන්න ආශාවක් ඇතිවෙන්න පුළුවන්.
රටේ සෞභාග්‍ය වැඩි වෙලා
සෞභාග්‍යයේ දැක්ම ඇස් පනාපිටම .මත්කුඩු, හෙරොයින්, වැඩි වෙලා. නිතරම අල්ලන එක තමා අහන්ඩ වෙන්නේ. බඩු මිල දවසින් දවස වැඩිවෙනවා ?
පාර්ලිමේන්තුවට ඇමැතිවරු වැඩිවෙයි වගේ
ඒ කියන්නේ රට සංවර්ධනය වෙලා.මිනිස්සු වැඩිපුර රත්තරං පළදිනවා.