(ඩයනා උදයංගනී)
පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්රික්කයේ නායයෑම් අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම දිස්ත්රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම අවදානම පවතින බවත්, එම ප්රදේශවල කඳු හා බෑවුම් ආශ්රිතව ජීවත්වන අය විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd