
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලපෑම් කොට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් නුගේගොඩ අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මෙන්ඩිස් විජේසිංහ මහතා නියෝග කළේය.
සැකකාර රතන හිමි රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10000/= මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය
ඉකුත් 29 වෙනිදින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමග අධිකරණය වෙත පැමිණ භාරවිය
දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අතුරලියේ රතන හිමියන් ඇප මත මුදා හැරියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔය ජරා ජීර්ණ, තමන්ට කරන්නත් බැරි දේශපාලනයෙන් ඉවත් වෙලා සැබෑ බුද්ධ පුත්‍රයෙක් වගේ කල් ගෙව්වොත් නරකද හාමුදුරුවනේ? එහෙම නැත්නම් ඔය බුද්ධ චීවරය ඉවත් කරලා කම්සැප විඳින්න ඒකට අගෞරව නොකර.
තවත් එක් කෙනෙක්. චීවරයට මුවාවෙලා දිව්‍යලෝක සැප සම්පත් මෙලොවදීම විඳපු ශරීර කඳක්...!
පේනවා නේද අපේ හාමුදුරුවනේ තණ්හාව දෙන දුකක් අනුන්ට බණ කියන එක ලේසියි.. නමුත් ඒ දහම පිළිපැදීම එතරම් පහසු නෑ නේද? තන්හාවට වහල්කම් කරකර ඉඳලා මිනිස්සු බොහෝ පව් රැස් කරගෙන ඒවා පොදි බැඳගෙන මරණයට පත්වෙලා දුගතියේ ඉපදෙනවා... යම් තරමක් හෝ කුසල්, අකුසල් ගැන දැක්මක් ඇති ඔබ වහන්සේලා මෙවැනි තත්ත්වයට වැටීම හරිම කණගාටුයි... දේශපාලනය (රජවරුන්) ගැන කතාකිරීම පවා බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තහනම් කරලා තියෙන්නේ නේද? අපේ හාමුදුරුවෝ පැවිද්දේ අගය තේරුම් ගනිත්වා...