(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රට වෙනුවෙන් නිසි යුතුකම් හා වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්විය යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ නව වසර වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නිලධාරීන් දිවුරුම්දීමේ උත්සවයේදීය.

මෙම උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්විණ.

රට පසුගිය වසර දෙකේ දී අභියෝග රැසකට මුහුණ දුන් බව පැවසූ කතානායකවරයා  එම අභියෝග ජය ගැනීමට සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බවද  ප්‍රකාශ කළේය.