
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා පසුගිය වසරේ (2024) සිදුවූ වැඩ වර්ජන දහතුනකින් මිනිස් දින 46769ක් අහිමිවී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වැඩ වර්ජනවලට සහභාගිවී ඇති සේවක සංඛ්‍යාව 8134කි.
වතු වංශයේ වැඩ වර්ජන හතරක් ක්‍රියාත්මක වී ඇති අතර ඒවාට සහභාගි වී ඇති සේවක සංඛ්‍යාව 1199කි. එම වතු වැඩ වර්ජන වලින් අහිමි වී ඇති මිනිස් දින ගණන 5879කි.
නිෂ්පාදන අංශවලින් වැඩ වර්ජන අටක් වාර්තා වී ඇති අතර එම වැඩ වර්ජන වලට සහභාගි වූ සේවක සංඛ්‍යාව 6675කි. ඉන් අහිමි වී ඇති මිනිස් දින සංඛ්‍යාව තිස් පන්දහස් එකසිය හැත්තෑවකි.
අර්ධ රාජ්‍ය අංශයේ වැඩ වර්ජන එකක් සිදුවී ඇති අතර ඊට සහභාගි වී ඇති සේවක සංඛ්‍යාව දෙසිය හැටකි.
එම වැඩ වර්ජන වලින් අහිමි වී ඇති මිනිස් දින සංඛ්‍යාව 5720කි.
මේ තොරතුරු සඳහන් වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
76 වසරක සාපය අපට උරුම කළේ කවුද? නැතිනම් රටක් විදිහට අපි කොතැනද?
එතකොට 2025 ඒවා කොහොමද?
ඔය වැඩ වර්ජන මෙහෙයවපු ජේවිපි කාරයෝ.. ඕකෙන් අහිමි වු මුදල් බැලුවොත් ඒවා ඔය අනිත් ඔක්කොටම වැඩි වෙයි
අත්තමයි මුන්ට ලජ්ජාවක් කියලා දෙයක් නැද්ද. මුන් මැරිලා ඉපදිලාද . කාලකන්නි ජෙප්පො.
මේ අයට මේ අයගේ දෙමාපියන්වත් මතක නැතුව ඇති මේ වෙන දිහා බලද්දී .කාලකන්නි ජෙප්පෝ