IMG-LOGO

රජයේ රෝහල් සායන සුපුරුදු පරිදි: මාස දෙකකට ඖෂධ නිකුත් කරයි

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
රජයේ රෝහල්වල පැවැත්වීමට තිබූ සායන නියමිත දිනවලදී පැවැත්වෙන අතර,  ඉදිරි මාස දෙක සඳහා ද ඖෂධ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පවසයි.
 
දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සදහා නිවේදනයක් නිකුත් කරමින් ජාසිංහ මහතා මේ බව  සඳහන් කරයි.

රෝගීන්ට ඇති විය හැකි අවදානම සලකා, වෛද්‍ය සායනයට ඔවුන්ගේ පැමිණීම අනිවාර්ය නොකරන බවද , සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගියා  නිරෝගී වගකිව යුතු පුද්ගලයකු අත, ඔවුන්ගේ සායන වාර්තාව(ක්ලින් පොත) එවා ඖෂධ ලබාගත යුතුය.

යම් හේතුවකින් නියමිත සායනයේදී ඖෂධ ලබාගැනීමට නොහැකි වුවහොත්, සතියේ  ඕනෑම දිනයකදී රෝහලේ  බාහිර රෝගී අංශයෙන් නියමිත ඖෂධ ලබාගත හැකිය.

කෙසේ වෙතත් සායනික වාර්තා සහ රෝග විනිශ්චය වාර්තා ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස ඉදිරිපත් කළ හැකි බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.



අදහස් (0)

රජයේ රෝහල් සායන සුපුරුදු පරිදි: මාස දෙකකට ඖෂධ නිකුත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site