(සුජිත් හේවාජුලිගේ )
පොත්පත් ලිපි ද්‍රව්‍ය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඇණවුම් කෙරුණු කඩදාසි (වයිට් ප්‍රින්ටින්) ඇතුළු ද්‍රව්‍ය ටොන් 1000ක් පමණ ඩොලරයේ ප්‍රශ්නය නිසා ප්‍රමාදවීමෙන් රජයේ ආයතනවල ඉදිරි මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්වයක් උද්ගතව ඇතැයි වාර්තාවේ.
ලබන වසර සඳහා පෙළ පොත් මුද්‍රණයද මේ නිසා ගැටලුකාරී විය හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ තම ආයතනය ඇණවුම් කළ භාණ්ඩ මුලදී නියම කෙරුණු මිල ගණන්වලට සැපයීමට සැපයුම්කරුවන් අදි මදි කිරීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය මතු වී ඇති බවයි.
ඩොලරයේ මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව එම ඇණවුම් කළ භාණ්ඩවලට ගෙවීම් කරන ලෙස සැපයුම්කරුවන් ඉල්ලීම් කර ඇතැයිද ඇය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තමා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවද ලියනගේ මහත්මිය කීවාය.
පොත් සහ ලිපි ද්‍රව්‍ය මුද්‍රණයට යොදා ගැනීම සඳහා ඇණවුම් කෙරුණු තීන්ත සහ ප්ලේට් සැපයීමද මේ තත්වය යටතේ ප්‍රමාදවී ඇතැයි මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් දැනට පවතින කඩදාසි සංචිතවලින් මුද්‍රණ කටයුතු කරගෙන යන බව රජයේ මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළාය.
මේ අතර සමහර රජයේ ආයතනවල ලිපිද්‍රව්‍ය යම් යම් ප්‍රමාණවල සංචිත පවතින හෙයින් ඒ සංචිත මේ අවස්ථාවේදී පාවිච්චි කරන ලෙසත් අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය පමණක් ඇණවුම් කරන ලෙසත් ඒ ආයතනවලට දැනුම්දී ඇතැයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රජයේ මුද්‍රණ කටයුතුත් නවතින ලකුණු
රාජදාස Sunday, 20 March 2022 05:10 PM
රාජ්‍ය ආයතන වල අතීතයේ ලිපි ද්‍රව්‍ය පාවිච්චි කලේ ඉතාමත් ප්‍රවේශමෙන්. ඒ කාලයේ කාර්යාලයට ලිපි ලැබෙන කවර නැවත කොලයක් අලවා කවරය අලුත්වැඩියා කර ලිපි යැවීමට ගත්තා.. වත්මනේ කාර්යාලවල සුළු සේවකයින් සේවිකාවන් කොතෙක් සිටියත් ඒවා කරන්නේ නැහැ.. උන්දැලා ඉන්නේ සාරියක් ඇඳගෙන ලොක්කිවෙලා ඉන්න පිරිමියකු නම්, සර් නොකිව්වොත් වැඩක් කරගන්නවා බොරු. මම උදාහරණයක් කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක (පහළම පන්තියේ) සුළු සේවිකාවකට මිදුලේ පිරිසිදු කරන්න පාලන නිලධාරි කිව්ව සේවිකාව කළේ දේශපාලුවන් හරහා නිලධාරිණිය මාරු කිරීමයි. පාසලක වුණත් එහෙමයි.. ගුරුවරු සුලු සේවිකාවට මිස් නොකිව්වත් සොරිම තමයි. එහෙම දේශපාලුවන් ඉන්නතුරු මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා නෝනා...
siri Sunday, 20 March 2022 05:20 PM
සව් බාගේ ඔහොමනම් "සව්" සම්පූර්ණයෙන්ම දුන්නා නම් කොහොම තියෙයිද?
Lalith Sunday, 20 March 2022 05:57 PM
රජයේ මුදුණ දෙපාර්තමේන්තුව පාසල් පෙළ පොත් වර්තමානයේ දී මුදුණය කරන්නේ නැත. මන්ද ඔවුන්ට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන තරගකාරී ටෙන්ඩරය ජයග්‍රහණය කළ නොහැකි නිසාය. ඔවුන්ගේ මුද්‍රණ මිල ගණන් ඉතාමත් වැඩිවීම නිසා එලෙස ටෙන්ඩරය ජයග්‍රහණය කිරීමට නොහැකි වී ඇත. වර්තමානයේදී පාසල් පෙළ පොත් මුද්‍රණය කරන්නේ පාදුක්කේ පිහිටි මුද්‍රණ සංස්ථාව සහ පුද්ගලික සමාගම්ය. මුද්‍රණ දෙපාර්තමේන්තුවට ඵය කළ නොහැකි වී ඇත....
Kumara Sunday, 20 March 2022 06:12 PM
අනේ වාසනාවන්...!
Sunil Sunday, 20 March 2022 06:28 PM
මෙතුමියම තමයි දින කීපයකට පෙර කියා සිටියේ මුද්‍රණාලයට අවශ්‍ය තරම් කඩදාසි තිබෙනවා කියා.
fairoos Sunday, 20 March 2022 06:55 PM
සල්ලි අච්චු ගහන්න කොළ තියනවනේ.. ඒක ඇති..
සිල්වා Sunday, 20 March 2022 08:32 PM
ගැසට් ගැහිල්ල වහාම නතර කළොත් රිවස් එකත් නතර වේවි... එතකොට සෑහෙන කඩදාසි ප්‍රමාණයක් ඉතුරු වේවි...!
Lalith M Monday, 21 March 2022 07:05 AM
ඒ කියන්නේ තවත් රාජ්‍ය ආයතනයක් පින්පඩිකාර අතිරික්ත ගොඩට එකතු වෙනවා.අස්කරල දමමුද. ඔය වැඩ චීනට ටොයිස්.