IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘‘රජය ප්‍රතිසංස්කරණයක් පෙන්නා අධ්‍යාපනය විනාශ කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

රජය සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා යමින් සිටින බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මාලිමා රජයට බලය දුන්නේ මෙවැනි දේ වෙනුවට රටට ඔබින අධ්‍යාපනයක් ඇති කිරීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතාගේ උපදෙස් පරිදි සමගි ජන බලවේගයේ සමගි තරුණ සංවිධානය අනුරාධපුර යාය 11 ප්‍රදේශීය රෝහල අලුත්වැඩියාවට ලක් කොට නැවත රෝහල වෙත භාරදීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් කියා අද වන විට ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මෙයට විරුද්ධව සමාජයම කැලඹී පූජ්‍ය පක්ෂය ඇතුළු ආගමික නායකයන් ඊට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

 



අදහස් (6)

‘‘රජය ප්‍රතිසංස්කරණයක් පෙන්නා අධ්‍යාපනය විනාශ කරනවා‘‘

මෛන්ද මාමා Monday, 21 July 2025 05:44 PM

ඔයාගේ ඉතිහාසයත් අපි දන්නවා. දැන් නැති දේවල් මවලා පෙන්නලා පිදුරු ගහේ හරි එල්ලිලා රට වල පල්ලට යවන්න ට්‍රයි එක නේද?

:       3       26

සෙනෙවිරත්න Monday, 21 July 2025 06:04 PM

බොරු කියන්න එපා, ඉතිහාසය ගැටලුවට උත්තර දුන්න, ඔයා අප්ඩේට් නැහැ හැම අතින්ම, අර චැනල් වල නිවුස් බලල කතා ගොතන්නෙ නැතිව හරි දේ හොයාගෙන කතා කරන්න. නැත්නම් සදාකල් ඔතනම ඉන්න. අනෙක විනාශ කරන්න අධ්‍යාපනයක් තියෙනවද ඔහෙලගෙ කට්ටිය කරපු? නිකන් හැම එකටම මොනවහරි කියවල තමන්ගෙ මොලේ තරම පෙන්වන්න එපා

:       0       0

ගමේ එකාලා Monday, 21 July 2025 08:49 PM

ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදලා. ළමයින්ට ජපන් බාසාවෙන් කතා කරලා පොරක් කියලා පෙන්වන එකම මදෑ?

:       0       0

චිනතක Tuesday, 22 July 2025 08:50 AM

හරි හමන් අධ්‍යාපනයක් තියෙන කෙනෙක්ද මේ කියන්නේ...?

:       0       0

කව්ද බෝයි Tuesday, 22 July 2025 08:57 AM

එකක් පැහැදිළි කරන්නකෝ. වොයිස් කට් දෙන මෙයාගේ දුවව කවමදාකවත් රජයේ පාසලකට යවාවිද? එහෙම නැත්නම් පුද්ගලික පාසලකට හෝ ජාත්‍යන්තර පාසලකට යවාවිද?

:       0       0

Rata Perata Tuesday, 22 July 2025 11:40 AM

ඔයාගේ නූගත්කම සහ නොහැයාව තමා ප්‍රශ්නය. අර බිරිඳ බලෙන් කරගෙන යන සෑලූන් එකේ කොන්ඩේ කප්පන්න යන්න. ඒක ඔයාට හොඳට ගැලපෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 96 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site