
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 16 වන වගන්තියේ විධිවිධාන පරිදි රජයේ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පවරනු ලැබ ඇත.
එම පනතේ 31 වන වගන්තිය අනුව ප්‍රාථමික අලෙවිකරුවන් පත් කිරීමේ සහ ඔවුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් වන බලතල මුදල් විෂයය භාර අමාත්‍යවරයා වෙත පවරනු ලැබ තිබේ.
ඒ අනුව, රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී ප්‍රාථමික අලෙවිකරුවන් සහ අලෙවිකරුවන් නොවන ලංසුකරුවන් සමඟ සෘජුව ගනුදෙනු කිරීම, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්ය සාධනය ඇගයීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය බලගැන්වීම සහ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා මගපෙන්වීම්, මෙහෙයුම් මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කිරීමට හැකි වනු පිණිස රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත බලය පැවරීම අරමුණු කර ගනිමින් සාදනු ලැබ ඇති 2025 අංක 02 දරන රාජ්‍ය ණය කළමනාකරණ නියෝග, අංක 2459/52 දරන 2025-10-24 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවට