(රංජන් කස්තුරි)
තවත් රාජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකුට ආයතන හා වගකීම් පවරාදී තිබේ.
ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන , තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරුන්ට ආයතන හා වගකීම් පවරමින් අදාල විෂය භාර කැබිනට් ඇමැතිවරුන් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය , තේ පර්යේෂණ ආයතනය , කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය , තේ ශක්ති අරමුදල සහ සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව , තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාට පවරා දී තිබේ.
අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට ශ්‍රී ලංකා කජු සංස්ථාව , සී/ස හිගුරාන සීනි කර්මාන්ත සමාගම , සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගම , කන්තලේ සීනි සමාගම , උක් පර්යේෂණ ආයතනය , අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ සහ කුළු බඩු හා ඒ ආශ්‍රීත නිෂ්පාදන අලෙවි මණ්ඩලය පවරා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd