IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රාජ්‍ය ඇමැතිවරු 19 කට තවමත් වැඩ නෑ

(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනෙකු පමණක් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් ගැසට් නිවේදන මගින් පවරා ඇති බවත් ඒ අනුව රාජ්‍ය අනුමැතිවරුන් 19 දෙනෙකුට පමණ විෂයන් හා කාර්යයන් පවරා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩලස් අලහප්පෙරුම , ප්‍රසන්න රණතුංග , වෛද්‍ය රමේෂ් පතිරණ , ආචාර්ය බන්දුල ගුණවර්ධන , මහින්ද අමරවීර නිමල් සිරිපාල ද සිල්වා , ජනක බණ්ඩාර තෙන්නකෝන් යන කැබිනට් ඇමැතිවරුන් සහ පවිත්‍රා වන්නිආරච්චි කැබිනට් ඇමැතිවරිය ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් පවරා ඇත.

ඒ අනුව විෂයන් හා කාර්යන් පැවරී ඇති රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න , වාසුදේව නානායක්කාර  , ගාමිණි ලොකුගේ ,ශෙහාන් සේමසිංහ , ඉන්දික අනුරුද්ධ , දුමින්ද දිසානායක , රංජිත් සියඹලාපිටිය , කෙහෙළිය රඹුක්වැල්ල , අරුන්දික ප්‍රනාන්දු , කාංචන විජේසේකර  , ජානක වක්කුඹුර , ලක්ෂ්මන් යාපා අබේවර්ධන , තිලංග සුමතිපාල ,දිලුම් අමුණුගම , සී.බී රත්නායක , මොහාන් ද සිල්වා, මහින්ද සමරසිංහ , ලසන්ත අලගියවන්න සහ විජිත බේරුගොඩ යන මහත්වරුන්ය.

රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් සහ කාර්යන් පවරා දෙන ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණ.

එම චක්‍රලේඛනය නිකුත් කර කාලයක් ගතවී ඇතත් තවමත් විෂයන් හා කාර්යන් පවරා දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරුන් 19 දෙනෙකුට පමණක් බව පැවසේ.



අදහස් (18)

රාජ්‍ය ඇමැතිවරු 19 කට තවමත් වැඩ නෑ

කපුරුහාමි Monday, 20 January 2020 05:26 PM

වැඩ පැවරුවා කියලා මේ අය හරියට වැඩක් කරන අයද ? හුග දෙනෙක් නමට විතරයි.

:       0       23

Vajira Monday, 20 January 2020 05:42 PM

වැඩ නැති උනාට කමක් නැහැ. පඩි හම්බ වෙනවනේ. පඩි විතරක්ද නිලරථ, නිල නිවාස දුරකථන, ඉන්ධන දීමනා මේ ඔක්කොම ලැබෙනවනේ එතුමන්ලාට.

:       0       57

Amula Monday, 20 January 2020 07:02 PM

කොහොමද බෙදාගන්නේ තණ්හාවට ඔක්කොම තියාගෙන

:       0       13

Ishan Monday, 20 January 2020 08:37 PM

අපෝ කමක් නැහැ රෙස්ට් කරපුදෙන් පව් අසරණයන්ට පඩිය හම්බෙනවද දන්නේ නැහැ.

:       0       40

ලුම්බිණි Tuesday, 21 January 2020 12:46 AM

පොඩ්ඩක් ඉන්න. ඉස්සර වෙලා මේ අයට දෙන්න වැඩ හොයා ගන්න ඕන නේද?

:       0       31

රවින් Tuesday, 21 January 2020 02:11 AM

ඔං අපේ අට පාස් කට්ටියගේ වැඩ. පවරන්නා හෝ පැවරියයුත්තා යන දෙපැත්තෙන් කොයි පැත්තේ හරි නුසුදුස්සෝ සිටින හැඩයි.

:       0       31

Don Tuesday, 21 January 2020 03:09 AM

වැඩ නැතිවුනාට වාහනවලට ඉන්ධන නම් කෝටි ගණන් පාවිච්චි කරනවා.

:       0       44

sumana Tuesday, 21 January 2020 03:34 AM

වැඩ කරන අපේ විරුවා ...

:       9       287

susa Tuesday, 21 January 2020 03:56 AM

මේකෙන් කියවෙන්නෙ අපි වගෙ පොඩි රටවලට මේච්චර ඇමතිලා අවශ්‍ය නැති එක. නායකයොවත්, ජනතාවවත් තේරුම නොගැනීම තමයි විනාශය..

:       0       97

Sugath Tuesday, 21 January 2020 04:09 AM

වැඩ නැත්නම් මොකද මේගොල්ලන් පත් කරේ, මහජනයාගේ මුදල් විනාශ කරන්නද ? මොන ආණ්ඩුව ආවත් මෙහෙම තමයි. මජන මුදල් ගසා කාල සැප විඳිනවා.

:       0       122

denin Tuesday, 21 January 2020 04:40 AM

මාස දෙකක් පසුවෙලත් මේ අයට වැඩ පැවරීමක් නොකෙරිමෙන් පෙනීයන්නේ මේ පුංචි රටට ඔපමණ විශාල ඇමති මඩුල්ලක් අවශ්‍ය නැති බවයි. ළඟ එන මැතිවරණයෙන් වැඩකලහැකි දක්ෂ කුඩා කණ්ඩායමක් පත්කරගන්න.

:       0       22

Amula Tuesday, 21 January 2020 05:20 AM

දීලා වැඩක් නෑ. මහ මැතිවරණය ෂුවර් නෑ.

:       0       21

Mahee Tuesday, 21 January 2020 07:08 AM

ලංකාවේ ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති ආදී වශයෙන් ඉන්නා පිරිස ඉන්නේ වැඩ කිරීමට නොව අපේ මුදලින් සැප සම්පත් භුක්ති විඳීමටත්, තම සනුහරෙටම සැලකීමටත්, පුළුවන් තරම් හම්බකර ගැනීමටත්ය. වැඩ කරන්නේ අමාත්‍යාංශවල ඉන්න විවිධ නිලධාරීන්ය. ඒ අනුව ඇමතිලා පත්කිරීමේ අරමුණ ඉටුවී තිබේ. එබැවින් සෙසු ප්‍රශ්න පැන නොනගී.

:       0       4

Rata Perata Tuesday, 21 January 2020 07:37 AM

කවුරු ආවත් ඔච්චර තමයි. හැම කෙනාගෙම කයිවාරු විතරයි. අපි හැමදාම රැවටෙනවා.

:       3       1

Nandalal DE SILVA - France Tuesday, 21 January 2020 05:42 PM

වැඩ බැරි අයට විෂය භාරදීමෙන් ඇති පලේ කුමක්ද කියා මොවුන්ට පිංපඩි, යන වාහන ආදී සියලු දේ දීමට තීරණය කරලා තිබෙනවා වගෙයි ! පවරා දෙන ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ... අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා විශේෂ චක්‍රලේඛනයක් ...] මේ නියෝග තුට්ටුවකටවත් ගණන් නොගෙන තිබෙන බව නම් ඉතාම පැහැදිලියි! "විපත් මග" නියමෙට ක්‍රියාත්මක වෙනවා නේද ?

:       0       0

Robin Wednesday, 22 January 2020 03:57 AM

වැඩ කරන්න වැඩ තියෙනවද කියලා දැනගන්න තියෙන හොඳම නිර්ණායකය තමයි පළාත් සබා.

:       0       0

Robin Wednesday, 22 January 2020 03:57 AM

වැඩ කරන්න වැඩ තියෙනවද කියලා දැනගන්න තියෙන හොඳම නිර්ණායකය තමයි පළාත් සබා. දැනට අවුරු ගණන් අක්‍රිය වුනත් ඔය යන්නේ අගේට පළාතේ වැඩටික. අහිංසක මහජනයාගේ මුදලුත් ඉතුරුයි.

:       0       0

sampath Wednesday, 22 January 2020 09:19 AM

ලංකාවේ කවදාවත් කිසිම ක්ෂේත්‍රයක දෙවෙනි පෙළක් හැදෙන්නෙත් නෑ. තරුණයන්ට වැඩක් කරන්න දෙන්නෙත් නෑ. 50 න් පස්සේ මුළු වැටුපම දීලා හැමෝම ගෙදර යවන්න ඕනේ. තරුණයන්ට නුතන තාක්ෂණික දැනුම එක්ක මේ දවස් ගානක් කරන ඒවා පැය කීපයකින් කරන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site