( +++ නාලක සංජීව දහනායක)
රාජගිරිය අතිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ (13) පැවැසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට ස්ථාපිත කර තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලෙන් ඉවත් කර යළි ගොවිජන මන්දිරයට රැගෙන යන ලෙසට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබියදීත් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම තීරණයට අකුල් හෙළමින් එම තීරණය කල් දැමීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව ද අමාත්‍යවරයා කීය.
රටම පිළිගත් උගතුන් යැයි කියමින් වියත්මග සංවිධානයෙන් ද ඇතැම් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන සඳහා දූෂිත නිලධාරීන් පත්කර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් තීන්දුවක් ගත යුතු බව ද කීය.
තමන්ට එවැනි නිලධාරීන් සමග කටයුතු කළ නොහැකි බැවින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.
බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට ගෙන ඒමේදී නිලධාරීන් කිහිපදෙනකුට චෙක්පත් ලැබී ඇත්දැයි තමන් මේ දිනවල සොයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඇමතිවරු තමයි ඕන. ජනාධිපති තීරණ පවා ගණන් ගන්නේ නැත්නම් මේවට දඬුවම් කරන්න ඕන දූෂිත නිලධාරින්ට
ඉවත්වන්න නොවෙයි තිබුනේ ගරු ඇමතිතුමනි. මේ නිලධාරීන්ට එරෙහිව සටන් කරන්න.
රජ ගොන්පාට්. මේවා හොඳ අර හඬපට කතාවටම එකතු කරන්න.
මෙහෙම ගියොත් දූෂණයෙන් ඉන්දියාව පරද්දනවා. දැනට දෙවෙනියට ඉන්නේ අපි!
ඉල්ලා අස් වුණාම ප්‍රශ්නේ විසදෙනවද ? මෙහෙම ඇමති වරුන්ගෙන් රටට වැඩක් තියෙනවද ?
අයින් වෙලා අත පිහිද ගත්තම හරිද ඇමති තුමා. වොයිස් කට් දේශපාලනය තමා මේ රට මේ තත්වෙට ගෙනාවේ. කරන්න ඔනා ඕකද? වෙනත් නීතීමය ප්‍රතිපාදාන නැතිද. එරෙහි වන අයට එරෙහිව. ඒ වගෙම ඔබ තුමාට යුතුකම්ක් තියෙනවා නේද අඩුම තරමින් එරෙහිවන අය හෙලි කරන්න.
ඔබ පත්වූ අවස්ථාවේදී මං සුබ පැතුවා. ඔබ ඉවත්වෙන මේ අවස්ථාවේදීත් මං සුබ පතනවා. ඔය කියන නිලධාරීන් වගකියන්නේ ඇමතිට නොව ඊට ඉහල අයට නිසා ඔවුන්ව පාලනය කරන්න ඔබට ඉඩක් නැහැ කියන එක පැහැදිලියි, නමුත් ඉවත්වීමට කැබිනට් එකටත් ඉහලින් යන ඔය නිලධාරීන් කවුද කියලා අපට කියන්න. අපට කරන්න පුළුවන් කජ්ජක් තියෙනවට නෙමෙයි. නිකම් කුතුහලය නිවාගන්න.
අවංක එකෙක් දැක්කමයි. හෘදයාන්ගම ගෞරවය ! තව දෙතුන්දෙනෙක් හිටියොත් ගොඩ. නමුත් මුහුනදී ජයගැනීම මිස ,පලායාම අගය නොකරමි !!!
ඔබතුමා ඉල්ලා අස්වුවොත් අමන නිලදාරීන් දිනයි මහා ජනයා පරදීවි ගත් තීරණය හබක්
පිළිතුර ඉවත්වීම නොව කෙසේ හෝ රට වෙනුවෙන් අරමුණ ඉටු කිරිමයි. ජනපති සමග එක්වී නිලධාරීන්ට විනය පරීක්ෂණ කර ගෙදර යවන්න. වර්ජන කලොත් ජේ ආර් කලාසේ රොත්තම එලියට දාන්න. ජනතාව ඔබ සමගය.
වාසු, විමල්, ගම්මන්පිලිලට හොඳ ආදර්ශයක්.
බයවෙන්න එපා හැමදාම දිනන්නේ ඩිල්කාරයෝ. අපි හිතපු විදියට, අපිට කියාපු විදියට රට යන්නේ නැතිවග හැමෝටම තේරිලා ඉවරයි. අනුන්ට ඇඟිලි දික්කරන එක වැඩි වෙනකොට සෑහෙන පිරිසකට තේරුනා ගොනා හැරෙන්නේ පොල් පැළයට කියලා. දුෂිතයෝ දන්නේ දුෂිත භාවයෙන් වැඩ කරන්න මිස විනිවිද භාවයකින් වැඩ කරන්න නොවේ. එකක්නම් ඇත්ත. සමහර ආයතනයන් වලට කළ පත්වීම් හොරාගේ අම්මාගෙන් පේන අහන්න ඕනේ පත්වීම්.
හෘද සාක්ෂියයි, නිර්භීතභාවයයි තියාගෙන වැඩි කලක් දේශපාලනය කරන්න බැහැ.
එම නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලයක් නොමැතිනම් ඉල්ලා අස්වීම අගයමි. නමුත් එය ප්‍රමාණවත් නැත. ජනතා නියෝජිතයකු ලෙස දැන් එම නිලධාරීන්ට එරෙහිව ජනතාව වෙනුවෙන් සටන් කරන්න. ඒ සදහා ජනතා සහාය ලබාගන්න. ලක්ෂ සංඛාත ජනතාවකගේ අපේක්ෂාවන් විනාශ කිරීමට නිලධාරීන් කිහිපදෙනෙකුට ඉඩදෙන්න එපා.
මෙතුමා ඉල්ලා අස්වෙන්න හේතුව මෙසේ හෙළි කළාම ජනපතිතුමා වහාම මැදිහත්වෙලා නිලධාරීන්ට දෙයි දුවන්න...................ඔන්න බලන්න
මෙම ගොඩනැගිල්ලෙන් යන්න බැහැ කියන නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන්න.
මෙයාට හරියට කිසිම ජොබ් එකක් කරගන්න බැරි රස්තියාදු මිනිහෙක් වගේ... බලන්න පාස්වෙලා තියෙන විභාග... කිසිදවසක මොනම රස්සාවක් හෝ ව්‍යාපාරයක් කරලා නැති මනුස්සයෙක් වගකිව යුතු අමාත්‍යාංශයක් කරන්නේ කොහොමද? ගිය තැනම ආරාවුල්..