
(සුජිත් හේවාජුලිගේ)
පාඩු ලබන රාජ්‍ය ආයතන පසුගිය වසරේදී ( 2022) ලැබූ මුළු පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් නව සීයක්( බිලියන 1029) බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම පාඩු ලැබූ මුදල රජය අධ්‍යාපනයට සහ සෞඛ්‍ය අංශයට වියදම් කරන මුදලට සමාන බවද ඔහු සඳහන් කළේය.
මෙම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් අවශ්‍ය දැයි මෙහිදී ප්‍රශ්න කළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණයෙන් වාසි සැලසෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොව ශ්‍රී ලංකාවේ ජනතාවට බවද ප්‍රකාශ කළේය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් නිර්ණායක පිළිගනු ලැබුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා මෙම රටට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙන් අනතුරුව බවත් ඒ සඳහා දේශපාලන අධිකාරිය සේම මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද සුවිශේෂ කැපකිරීමක් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම යල් පැනගිය අදහසක් බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පළාත් සභා ඇතිකිරීමෙන් පාඩුව ගණන් බලන්න බැහැ කියලා තමයි මම හිතන්නේ. එක් උදාහරණයක් කියනවා නම් රටේ විවිධ ප්‍රදේශවල පංසල් ආශ්‍රිතව ළමා නිවාස නැත්නම් පුස්තකාල ඇතිකලා කියමුකෝ. ගොඩනැගිලි හැදුවා කියමුකෝ. ඉතින් ඒවා ගැන කවුරුවත් කවදාවත්ම බලන්නෙ නැහැ. මම දන්න සමහරක් ඒවා භාණ්ඩ විවිධාකාරයෙන් පුද්ගලික ප්‍රයෝජනයට ගන්නවා කැමති කෙනෙක් රඹුක්කන කීර්ති නිවාසයට මොකද වුනේ බලන්න.මෙහෙම දේවල් අනන්ත පළාත් සභා යටතේ තියෙනවා මට අහන්න ලැබුනා එක තැනක උපදේශනය සදහා කලකට පෙර ගොඩනැගිලි හැදුවා වුනත් කිසිම ප්‍රයෝජනයක් නැතුව නාස්ති වෙන තැනුත් තියෙනවා කියලා. තවත් දෙයක් තමයි ගමේ හිතවත් ඡන්ද දායකයින් සදහා සමිතිවලට ඇදපුටු මේස පිගන්කෝප්ප බෙදීම .ඇත්තටම ඒවා ගැන බලන්න කෙනෙක් නැහැ. ඒවා ගමේ දේශපාලන හිතවතුන්ට පුද්ගලික පරිහරණය සදහා තමයි ගන්නෙ. සැලසුම් නැතුව කරන සියලු දේවල් පාඩුම මිස රටේ සංවර්ධනය සදහා වැඩක් නැහැ.
මම මේ කියන්නෙ ඉතාමත් සත්‍ය සිදුවීමක් ,මම දන්නා එක්තරා පළාත් සභාවක් තියෙනවා ඒක මහල් ගොඩනැගිල්ලක් වගේම දෙපාර්තමේන්තු වගේම අමාත්‍යාංශ කීපයක් තියෙන තැනක් .නමුත් එහි තැපැල් හලක් නැහැ ඉතින් ලිපි තැපැල් කරන්න දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට යන්න වෙනවා එතැනට මීටර් දෙසීයක් පමණ දුරින් අතීතයේ කච්චේරිය කියපු දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය තියෙනවා අපි හිතමු ඉහලම මහලේ තියෙන කාර්‍යාලයකින් පහල තියෙන කාකාර්‍යාලයකට ලිපියක් යවන්න ඕන කියලා ඉතින් පියුම් රාළහාමි කරන්න ගොඩනැගිල්ලේ බිම් මහලට ඇවිල්ලා කාර්‍යාලයේ වාහනයක් අරගෙන (මීටර් 200) වාහනයේ ගොස් ලිපි ලියාපදිංචි කරන්නෙ තමුන්ලා සිටින ගොඩනැගිල්ලේ අල්ලපු කාමරයේ සිටින කෙනෙකුට වෙන්නත් පුළුවන් මම මේක කිව්වෙ මම එලෙස රාජකාරි ලිපියක් ලැබුණු කාර්‍යාලයක හිටපු කෙනෙක් හැටියට තමයි. ඊයේ පෙරේදා මම පුවත්පත් ලිපියක් දැක්කා තොරතුරු දැනගැනීමට අදාල ගාස්තුව රුපියල් විස්සක් ගෙවන්න කියලා රුපියල් 110/= ක මුද්දර අලවා ලියාපදිංචි ලිපියක් එවා තිබුනා කියලා මේවා බොහොමයක් ඇතිවුණේ පළාත් සභා ඇතිවීමෙන් පස්සෙ සේවකයින් මෙන්ම නිළධාරින්ට හරියාකාරව පුහුණුවක් නොදීම නිසා කියලා කියන්න පුළුවන්.