
(රන්ජන් කස්තුරි)
ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ජපානය වැනි රටවල් සමඟත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කීය.
ඒ, ඒ රටවල් සමඟ සහ මුල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරූ බවද ඔහු කීය.
එක් රටක් හෝ එක් ආයතනයක් සමඟ සාකච්ඡා කර සහන ලබාගැනීමේ වගකීම එක් ඇමතිරයකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිරුන් පිරිසකට ලබාදීමටත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තින්දු කළ බවද බැසිල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි එෆ් එම් සමග සාකච්චා කර බිලියන ගණනක ණය ගත්තත් මේ සීමා කිරීම් එහෙම්ම තියන්න. දේශපාලුවන්ට, රටට, නිලධාරීන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වන්න එපා. රටට තොරෝම්බෝල් බඩු ගෙන්වන්න එපා.
එතකොට කොහොමෙයි සාක්කුවට කියක් හරි දාගන්නේ?
ඒ කියන්නේ ඔබලාට කලින් රට වෙනුවෙන් ගත යුතු පියවර විපක්ෂය දැනගෙන සිටි බවයි. මොකද ඔවුන් එදා ඉදලම කිවේ වහාම ඔතනට යන්න කියලානේ. නැව ගිලෙන්න ඔන්න මෙන්න තියා හෝ මේ තීරණය ගැනීම හොදයි. රජයේ සේවකයින්ට 5000ක් දීම නිසා ඔවුන් ගොඩ. ගොවීන්ට හානි පූර්ණය කිරීම නිසා ගොවීනුත් ගොඩ. පොහොර නවත්වලා පලදාව අඩුවීම නිසා බඩුවල මිල ඉහළයෑම නිසා පාරිභෝගිකයාට සිදුවූ පාඩුව පියවන පියවරත් කියන්න බලන්න.
ලෝක බැංකුවට ලංකාවට කරන්න පුළුවන් හොඳම ආධාරය තමයි මේ දුෂිත ආණ්ඩුවට සත පහක්වත් ණය ආධාර නොදී මේ අයට ගෙදර යන්න වැඩ සලස්වන එක.
එක මොලයක් මොළ බාගයක් ඇති කට්ටියත් දැන් සෑහෙන කාලයක ඉඳලා ඕකම නේද කිව්වේ.?
කරුනාකර භාශා පරිවර්තකයෙක් ගෙනියන්න.
නියමයි ඔහොම යං... රට බංකොලොත් කරලා ඇමරිකාවට පැන ගන්න වෙන්න ඇති.
අයියා ලඟදි තිරුපති ගියා නේද.? එහෙන් ප්‍රතිපලයක් නැද්ද.?
ඔය අරමුදල සමග වේලාසනින් කතා කලානම් ඉවරයිනේ.
මොන රටවල් වලින් කවුද හිඟාකන්න පත් කරේ කියල තේරෙන භාෂාවෙන් කියන්න.
අපේ කොන්දේසි වලට එකඟ වෙනවානම් විතරයි අයි.එම්.එෆ් එකෙන් ණය ගන්නේ කියල වහසි බස් බලු කෙදිරියෙන් වැඩේ යනවා නේද.?