(ජේ.කේ.එල් චාමින්ද)
රන්ජන් රාමනායක වැනි අයගේ වචන දේව වාක්‍ය හැටියට සළකා ජනමාධ්‍ය ජනප්රියවිම සඳහා ගන්නා උත්සාහයේ ප්‍රතිඵල විසින් මුළු රටම කළඹවන්නේ යැයි ශ්‍රි ලංකා රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සොභිත හිමියෝ පවසති.
ගාල්ල ලබුදුවේ දී අද (17) පැවති පුරන්කුඹුරු අස්වැද්දිමේ වැඩසටහනකට සහභාගී වෙමින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද කීහ.
‘ඇත්තටම වැදගත් වෙන්නේ ඔහු වැරදි ක්‍රියාවක් නිතිවිරෝධි ක්‍රියාවක් කරලා තියෙනවා නම් වහාම මේ රටේ නිතිය ඔහුට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඒවා ප්‍රචාරය කර කර ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ වගේ සිද්ධින් උපක්‍රමශිලිව කරන වැඩද කියා හිතෙනවා ජනතාව මුහුණ දෙන සත්‍ය ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න වසන් කරලා අනවශ්‍ය දේවල්වලට මිනිසුන්ගේ අවධානය යොමු කිරිම සදහා වු උපාය උපක්‍රමයක් බව අපට පේනවා. රන්ජන් රාමනායකගේ හෝ වෙනත් අයකුගේ හෝ හඬපට නැතිනම් වෙනත් ප්‍රශ්නයක් පිළිබඳ නිතිවිරෝධි ක්‍රියාවන් වෙනවා නම් එයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක විය යුතුයි.
එක රසකර කර තළු මර මර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. පුරන්කුඹුරු අස්වැද්දීම පිළිබඳ මේ වගේ දේවල්වලට ප්‍රචාරය දෙන්න. රන්ජන්ලාගේ කථා අපිට වැඩක් නැහැ. අනවශ්‍ය කරුණු කෙරෙහි ජනතාවගේ කථිකාවන් ඇති කිරිම සම්බන්ධව පළමු චෝදනාව එල්ලවන්නේ ජනමාධ්‍යයට. ජනමාධ්‍ය මේ තියෙන සිද්ධින් අනවශ්‍ය ලෙස ප්‍රචාරය කිරිම මගින් බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ හරි අපේ හාමුදුරුවනේ...
ඔබ වහන්සේගේ වචන දේව වාක්‍යයක් වගේ සත්‍යයි. ආණ්ඩුව මේක හිඟන්නාගේ තුවාලය බවට පත්කරගෙන. මාධ්‍ය වලට තලුමරමර හපන්න දෙයක් ලැබිලා. ඒ අස්සේ එළවලු, හාල්වලින් අපිට හොඳට වදිනවා. මේ ගැන කටක් අරින්න වෙලාවක් විපක්ෂයට නෑ. ඒ ගොල්ලෝ සිංහාසනේ බෙදාගන්න බැරුව මරාගන්නවා.
තලු මරමින් රස කරලා පතුරුවන්නේ දේශපාලකයින් රටට පෙන්වන්නේ එයාලා තමයි. රන්ජන්ගේ හොර වැඩ ඇල්ලුවේ කියලා, ඡන්ද ගන්න එකක්, තමන්ගේ හිත මිතුරන් හිරෙන් නිදහස් කරගන්න පුළුවන් ජනතාව උසි ගැන්නුවොත්, මෝඩ හරක්, රන්ජන්ගේ කතා අහලා මිනීමරුවන්, කුඩ්ඩන් නිදහස් කරන තරමට මිනිසුන් ගොනාට අන්දලා. ඊටපස්සේ මේකතමයි අලුත්ම සෙල්ලම වෙන්නේ ඉදිරියේදී. මහාපරිමාණ හොරුන්, මිනීමරුවන් මේ වගේ හඬපට හදලා එළියට එන්න බලයි මුදල් තියෙනවා නම් ඕන දෙයක් කරයි. රන්ජන්ගේ කතා නතර වෙන්නේ නැහැ. වේදිකාවේ නගිනකම් ඉන්නේ කට්ටිය යකඩ කටින් බෙරිහන් දීලා කියන්න. අර ඉන්නේ පාස්පෝට් අඩු වයසින් ඉපදුණු දැනටමත් කතාව ලියනවා ඇති වේදිකාවේ කියල එයා ප්‍රසිද්ධ වෙන්න.
ඔබවහන්සේ ප්‍රකාශ කරන දේ තේරුම් ගැනීම රූපවාහිනී නාලිකාවල හඩපට ගැන කියවන හාමුදුරුවන්ට තේරුම් ගැනීම හැකිවේවායි පතමි...
ඔයාගේ හඬපටිත් ළඟදීම එළියට ඒවි... අර මිනීමරුවන්ට සපෝර්ට් කරපු ඒවා...
හිරුණිකා කියනවා එයාගේ හඬපට හැටියට ප්‍රචාරය කරන දෙකෙන් එකක් තනිකරම කට හඬ කවපු සංස්කරණයක් කියලා. වෙන්නත් පුළුවන්... ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ පුළුවන් තරම රන්ජන්ව නැති කරලා දාන්න... ඇයි? රාජිතලට, චම්පිකලාට වගේ නෙමෙයි රන්ජන්... ජනප්‍රිය පුද්ගලයෙක්. මිනිස්සු ඔහුට කන්දෙනවා. ඒ නිසා ආණ්ඩුව තදබලම ප්‍රහාරය එල්ල කරන්නේ රන්ජන්ට. අනික් දෙන්නා දවස දෙකතුනෙන් අමතක කරලා දාපු අපේ මිනිස්සු දැන් හොඳ මෝඩ චුන් එකක් ගනිමින් තලු මරමරා ඉන්නවා.
ඔබ වහන්සේත් හොඳටම බයවෙලා වගෙයි..
අනේ අපේ හාමුදුරුවනේ මේවා අලුත් දේවල් නෙවෙයි. බණ්ඩාරනායක මහත්තයගෙන් පස්සේ පත්වුණු හැම රජයක්ම තමන්ගේ රජයේ වාසියට, පැවැත්මට මේ දේවල් කරලා තියෙනවා. ඒ කාලයේ මෙච්චර තාක්ෂණය දියුණු නැතිවුණාට පුළුවන් විදියට මෙවැනි බලපෑම් කරලා තියෙනවා. ඉදිරියේදීත් මේවා නොවේවි කියලා නම් හිතන්න අමාරුයි. මෙතන තියන ප්රශ්නය කතාකරපු දේවල් පටිගත කරලා තියාගන්න තරම් රන්ජන් ළදරුවෙක් වූ එකයි. එක අතකින් අපේ හාමුදුරුවනේ.. මෙහෙම වෙච්ච එකත් හොඳයි... මොකද මේ රටේ සමාජයේ සැබෑ තත්වය මුළු රටටම එළිදරව් වුණා. මම නම් ඒ ගැන රන්ජන්ට ස්තුතිවන්ත වෙනවා...
හාමුදුරුවෝ කෙනෙක් ඇත්තක් කිව්වා කාලෙකට පස්සේ
අනේ හාමුදුරුවනේ කුඹුරු ගොවිතැන තරුණ තරුණියෝ පටන්ගත්තේ දේශපාලන කාරයොත් එක්ක නෙමේ. හාමුදුරුවෝ ධර්ම අවබෝධය දියුණු කරගෙන මේ සසරෙන් එගොඩ වන්න බලන්න. අනිත් කරුණ තමයි... නිකාය තුනම එකතු කරලා එක නිකායක් හදලා වියදම් අඩුකරගෙන වැඩ කරන්න පටන්ගන්න. චීවරයේ ගෞරවය ආරක්ෂා කරන්න. රන්ජන්ගේ පටිවලට කියන්නේ හඬපට කියලා. ඕවා නිකම් ඉන්න මිනිස්සුන්ට අහන්න තියෙන දේවල්....
මේ දෙයින් වැඩිය ආශ්වාද ලබන්නේ පුද්ගලික නාලිකා... උදේ ඉඳන් රෑ වෙනකම් දෙන්නේ ගොසිප්ම තමයි. මෙවැනි දේවල් වර්ජනය කළ යුතුයි. නැතිනම් ජනතාව පාරට බැහැලා වර්ජනය කරන කාලය වැඩි ඈතක නැත.
රංජන්ගේ හඬපට වලින් චම්පිකගේ අපරාධ හෙලිවෙන නිසා හාමුදුරුවන් ඒවා නිහඬ කරන්න හදනවා වගේ...
රන්ජන් මොනවගේ මිනිහෙක්ද කියලා ජනතාවට දැනගන්න අවස්ථාවක් දිය යුතුයි අපේ හාමුදුරුවනේ. ඒ එක්කම එයා සමග සම්බන්ධකම පැවැත්වූ අය ගැණත් අපි දැනගත යුතුයි. මෙයා සමග සම්බන්ධකම් පැවැත්වූ විනිශ්චයකාරවරුන් ගැන අපි දැනගත්තේ නැතිනම් අපි ඒ ගොල්ලන්ට, විනිසුරුවන්ට ලැබිය යුතු ගෞරවය දෙනවා. නමුත් දැන් අපි ඔවුන් අලුයම දමන කෙල පිඩක් සේ සලකනවා.
විනිසුරුවන්ට කතා කළ එකම පුද්ගලයා රංජන් නම් ඔබ පලමු ගල ගහන්න යැයි කිව හැකිය.
නිකම් අහිංසක ජනතාව රවටන්න එපා. චීවරය දමාගත් සැනින් මෙලොවේ කිසිවෙක් "හිමිනමක්" වෙන්නේ නැහැ. ආශාවල් අතුරුදහන් වෙන්නේ නැහැ. ඔබලා අර සැලුන් දොරෙන් යන එන ගමන් පංචස්කන්ධය ඉතා හොඳින් පිනවන අය බව ඇස්, කන් (සහ නහය) ඇති පියවි අයට ඉතා හොඳින් වටහා හත හැකි වේ. දේශපාලුවන් සමග එක්වී, වැදීබණ රසකර අප හට දෙසමින්, මහජනයාගේ ඔලුවලට (සහ මුදල් පසුම්බි වලට) බැස ඔවුන්ව රවටා සැප විඳින ඔබලාගේ කඩය අකුලා ගැනීමට වෙන කාලය ඉතා ලඟයි. පමා නොවන්න. කපටි දේශපාලුවන්ට ඔබලා ඉතා වටිනා රන් ආකරයෙකි. අදම ගොස් ඔවුන්ව පරෙස්සම් කරන්න.
සමන්ත, නියමයි ඇත්තයි. දේශපාලනය සංඝයා වහන්සේලාට අවශ්‍ය දෙයක් නොවෙයි. අපි දෙගොල්ලක්. අපේ වැඩ වලට අත දමන්න ඒ අයට කොහෙත්ම බැහැ. ඕනෙම නම් උපැවිදිව ඕන දෙයක් කරන්න. අපේ රටේ දේශපාලනයෙන් සංඝයා අයින්ම කළ යුතුයි.ඒ සඳහා නීති සැකසිය යුතුයි. දේශපාලනයයි ආගමයි සම්පුර්ණයෙන්ම වෙන් කළ යුතුයි. යමෙක් මහණදම් පුරන්නේ ලෝකෝත්තර සුවය පතාගෙන මිසක් දියවන්නාවට යන්න නොවෙයිනේ. අවුරුදු 70 ක්ම රට කරපු දේශපාලුවන්ට අර්ථයෙන් ධර්මයෙන් කියා කියා ලණු දුන්නේ මේ පුජක සෙට් එක බව දැන් කව්රුත් දන්නවා. රූපවාහිනිය දැම්මොත් ආණ්ඩුවේ ප්‍රකාශකයා වගේ ඉන්නෙත් චීවරධාරියෙක්. එයාට නඩු කිහිපයක්ම තියෙනවා උසාවියේ බාල අපචාර කිරීම් ගැන.මේ කට්ටියම ඒ කියන්නේ සිවුරු කාරයොයි,ලෝගු කාරයොයි,ලේබ්බෙලයි,සාමිලයි ඔක්කොම දේශපාලනයෙන් සම්පුර්ණයෙන්ම අයින් කළ යුතුයි.