
දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි.
වනිස්සා නන්දකුමාරන් නැමැති 56 හැවිරිදි ඇය බ්‍රිතාන්‍ය බලා ගොස් ඇත්තේ 1980 දී වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මැයගේ ඥාතිවරයෙකු වන වෛද්‍යලිංගම් දොරේසාමි ට 1937 දී 6 වැනි ජෝර්ජ් රජු විසින් නයිට් පදවියක්ද ප්‍රධානය කර තිබෙන තිබේ.
වනිස්සා නන්දකුමාරන් ඇයට ලැබුණු අවස්ථාව ගැන මෙසේ අදහස් දක්වා තිබේ. මට මෙවැනි අවස්ථාව ලැබේවි යැයි බලාපොරොත්තු වුණේ නැහැ. රැජිනට ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් ගොඩක් සතුටු වුණා. අව්ව වැස්ස බාධාවක් කර නොගෙන මා රැජිනට ගෞරව දැක්වූවා. ’
දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්විසින්ටර් දෙව්මැදුරේදී පැවැත්වෙයි. මේ වනවිට දේහය ලන්ඩන් නුවරට ගෙනැවිත් ඇති අතර එය මහජන ගෞරවය වෙනුවෙන් බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබේ.
(ඩේලිමේල් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට මොකද?
ආ..ඒත්, මම පුදුම උනා ලාංකික සම්භවයක් තියනවා කිව්වම සිංහල කාන්තාවක්ද කියලා. ඔය බටහිර රටවල වාසය කරන බොහොමයක් සිංහලයින් ආවඩන්නේ, රුසියාවට හා චීනයටනේ. එත්, ද්‍රවිඩ ජනතාව එහෙම නැහැ, ඔවුන් කෙලෙහිගුණ දන්නා ජාතියක්. මොනා උනත්, කාපු පතේ පහරන ගතිය ඔවුන්ට නැහැ. ඔවුන් කෘතවේදියි..
ඒ කියන්නේ පෝලිමේ පළවෙනියාට ඉඳලා. ඕක කජ්ජක්නේ. පෝලිම්වල පළවෙනියාට පැනගන්න ගැහැණු කට්ටිය හරිම දක්ෂයි. ලංකාව නම් පෝලිම්... පෝලිම් නම් ලංකාව...!