(නිමල කොඩිතුවක්කු)
ඇතැම් කැබිනට් ඇමැතිවරුන් රට වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස බැලීමේදි කැබිනට් අමාත්‍යවරුන් කොකේන් භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සත්‍යයක් බවට හැගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කොළඹදී පැවැසීය.
රටේත් ජනතාවගේත් අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා වෙනුවට ඇතැම් ඇමතිවරුන්ගේ සුබ සිදධිය වෙනුවෙන් පමණක් තීන්දු තීරණ ගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ බව පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මෙසේද කීය.
‘‘පසුගිය දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ සංචාරයක නිරතවුණා. එහිදී විවිධ අදහස් පළ කළා. පලාලි ගුවන්තොටුපළ ඒ 320, 321 ජාත්‍යන්තර මට්ටමේ ගුවන් යානා මෙහෙයවන්න පුළුවන් ගුවන්තොටුපළක් බවට පත්කරනවා කිව්වා. මන්නාරමේ සිට ධනූෂ්කොඩි දක්වා නැවත නැව් සහ බෝට්ටු සේවා ඇති කරනවා කිව්වා. අද දවසේ උතුරේ ජනතාවගේ ප්‍රධාන ප්රශ්නය මේකද කියලා අපි අහනවා.
පහුගිය 30 අවුරුදු යුද්ධයේ දි නිවාස අහිමි වූ උතුරේ අහිංසක ජනතාවට නිවාස පනස් දහසක් හදන්න ඉන්දියානු ආධාර ලබා දුන්නා. පහුගිය අවුරුදු හතරක් තිස්සේ එක නිවාසයක් හැදුවද කියලා අපි අහනවා. නිවාස පනස් දහසෙන් එක ගෙයක් හදා ගන්න බැරිවු එක්සත් ජාතික පක්ෂය අද උතුරට ගිහින් ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ගැන කථා කරනවා.
2009 මැයි 19 වනදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය අවසන් කරලා එම ප්‍රදේශවල විශාල සංවර්ධනයක් ඇති කළා. පාරවල් කාපට් කරලා, අලූත් පාසල්, රෝහල් ඇතිකළා, කන්කසන්තුරේට යනකම් දුම්රිය මාර්ගය ඇතිකළා. අවුරුදු එකහමාරක් වගේ ඇතුළත සියලූම පහසුකම් ලබා දුන්නා. මේ අය අපෙන් අහනවා ලෝකෙට ණය වෙලා මොනවද කරේ කියළා. අපි කරපු දේ නිසා තමයි අගමැතිතුමාට අද සුඛෝගභෝගි දුම්රියෙන් යාපනයට යන්න පුළුවන් වුණේ.
මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දිහා බලපුවහම රන්ජන් රාමනායක මහතා කියපු කාරණා ඇත්තයි කියලත් හිතෙනවා. කොකේන් පාවිච්චි කරලා වගේ තීන්දු තමයි මේ ආණ්ඩුවේ ඇමැතිවරු තීන්දු තීරණ ගන්නේ’’ යැයිද ඔහු එහිදි වැඩිදුරටත් පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන ප්රශ්නය තමා " කුම්බලා මාළු කෑවානම් දිරවපන් බළලෝ " කියන එක.
දැන් මේ උන්දැ විපක්ෂෙද මොකක්ද කියන අටමගලෙනේ ඉන්නේ ඉතින් හැකි ඉක්මනින් මේ පිලිබදව සොයා බැලීම කරානම් ඉවරයිනේ. මේ කියව කියව ඉන්නේ නැතිව මිනිස්සුන්ගේ වටිනා කාලේ තව තවත් කන්නේ නැතිව අඩු තරමින් තමන්ට හරි සතුටු වෙන්න පුළුවන්නේ අනේ මගේ දියවන්නාව ජිවිතේ රටට යමක් කළා කියලවත්.
එතකොට ලාභ නොඋපදවන මත්තල ගුවන් තොටුපොල සහ නැව් නොඑන වරාය ගැන ඔබගේ අදහස මොකක්ද? ඒ ණය ගෙවන්න අදායමක් නැති බව දැන ගෙනත් විදේශ ණය ගත්තේ මොකද?
කටකාරයන්ට තලු මර මරා ඉන්න මාතෘකාවක් ලබා දීම ගැන රංජට ස්තුති කරන්න.
හරි ඇති ගොඩක් වෙලාවට. කුඩු වගේම හොරුත් ඉන්න බවට කිසිම සැකයක් නැ
අහුවෙච්ච පිදුරු ගහේ එල්ලෙනවා. අනේද කියන්නේ මෙහෙමත් දේශපාලකයෝ.
ඔහෙලගෙ පක්ෂවල නම් කුඩු කාරයෝ හිටියෙම නෑ නොව, කුඩු කාරයෝ පොලිසියට අහුවුනාම බදා ගත්තු අයත් නැහැ නොව, කුටුනායකින් එහාට කුඩ්ඩො තල්ලු කරලා බේරා ගත්තු අයත් හිටියේ නැහැම නොවැ.
කුඩු කාරයෝ බේරගන්න රටේ නායකයෝ තකහනියේ අ ගෙවල් වලට ගිය යුගයක් තිබුන නේද මහත්තයෝ
අලි බලන්නා කියන කතාවලින් තේරෙනවා ඇත්ගොව්වා කොකේන් ගහනවා ඇති කියා.
සුසිල් ඔබ හරියට හරි. දැන් තමයි සමහරු කිවූ පරණකතා ඇයි එහෙම කීවේ කියා සිතෙන්නේ. ෂොට් එකක් වැදිලා ඉන්නකොට තමයි කියලා තිබෙන්නේ.
එතකොට අව්රුදු ගණනාවක් මේ රටේ හිටපු මැති ඇමති වරුත්, දුෂණයට බීෂණයට කඩේ ගිහින් මේ රට විනාශ කරලා දැම්මේ රංජන් මහතාගේ ප්‍රකාශය සත්‍යයක් නිසාද ?
රන්ජන් කියන්න ඕනේ නැහැ. එදා පාර්ලිමේන්තුවේ කතානායක පුටු උස්සගෙන පුටුවලින් පොලිසියට ගහපු, පිහි ඇදගෙන දඟලපු, මයික් එක ඇදල දාපු දවසේ අපි නම් ඕක දැන ගත්ත.
රත්තරන් චෙන් බ්‍රේස්ලට් දෙන්නම් කීවේ ඇයි කියා දැන් හිතා ගන්න පුළුවන්
තමන්ට ඒකෙන් එල්ලෙන්න පුලුවන්නම් ඉතින් හොදයි තමයි. නැතිනම් ඉතින් රන්ජන් විකට නළුවෙක් විතරමයි. හැම තිස්සෙම ගහ ගෙන යනවා අහුවෙච්ච පිදුරු ගහේ එල්ලෙනවා. අනේද කියන්නේ මෙහමත් දේශපාලන අනාතයෝ.
ඔයාගේ වැඩත් එහෙම තමා. අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සරවෙලා තමන් ගැනත් හිතන්න.
ඔබ කතා කරන විදිහ බැලුවාම මටත් එහෙමම හිතෙනවා!