(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත්‍රය සම්බන්ධ තීන්දුව ලබන 16 වැනිදා ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා අද (10) නියම කළේය.
හිටපු අමාත්‍යවරයා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටියේය.
මෙම පෙත්සම විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස තීන්දුවට දින නියම කළේය.
සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමූ බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධන කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා මෙම ප්‍රතිශෝධන ඇයැදුම්පත්‍රය ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන්නන් දකින විට අපට නැති රුධිර පීඩනයත් ඇතිවෙන බව කිව යුතුය. මොහු ඔන්න මලා මෙන්න මලා කියල නේද නීතියෙන් රිංගුවේ ? කෝ හැබැටම එතකොට බෙහෙත් කළ පස් දොස්තරලා, පණු දොස්තරලා, බලු බෙහෙත් විදින දොස්තරලා ?
තවත් නාටකයක් අවසාන වෙන්න ළගයි. පව් අර කිඹුල්ලු දෙන්නා දොස්තර ලණුව කාලා. දැන් තනියෙන්ම විදවනවා.
ඇත්ත නේන්නම්, මෑන් රිමාන්ඩ් වෙන්නෙත් නැතුව ඇප අරන්... රන්ජන් පොරොන්දු වුණාද දන්නේ නැහැ ප්‍රොමෝෂන් දෙන්නම් කියලා...