රාජකීය තනතුරු අත්හැර රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් එලිසබෙත් මහරැජිනගේ මුණුබුරු හැරී සිය බලවත් කනගාටුව පළකර ඇත.
ඔහු පැවසුවේ, ඒ සඳහා ඔහුට වෙන විකල්පයක් නොවූ බවයි. හිටපු නිළියක වන ඇගේ බිරිඳ මේගන් සහ ආචි පුතු සමඟ ගෙවන නිදහස් දිවියක් වෙනුවෙන් රාජකීය තනතුරු අත්හැරීමට සිදුවන බවද ඔහු කීය. එය මෙවැනි තත්වයක් දක්වා පැමිණීම ගැන තිබෙන්නේ බලවත් කනගාටුවක් යැයි ද ඔහු කීය.
හැරීගේ මෙම තීරණය බ්‍රිතාන්‍ය රජ පවුල දැඩි කම්පනයකට ලක් කළේය.

රාජකීය ජීවිතය පවත්වාගැනීමට ආධාර වූ මහජන මුදල් ඕනෑම මොහොතකදී අහිමිකරගැනීමට සූදානම් බවද ඔහු කීය. බ්‍රිතාන්‍ය හමුදාව සමඟ කළ සේවය වෙනුවෙන් ඔහු ලබාගත් දෑ සහ එම තනතුරු අත්හැරීම ඔහුට වේදනාවක් බවද හැරී සඳහන් කර ඇත.
‘අපි එක්තරා විශ්වාසයක් උඩිනුයි මේ පැනයන්න හදන්නේ. මේ පියවර ගන්න මට ධෛර්යයක් වුණාට ඔබ සැමට ස්තූතියි’ යැයිද කීය.
ඔපෙරා වින්ෆ්‍රි, ඔබාමා වැනි ප්‍රකට පුද්ගලයන් ඇසුරුකරමින් සමාජ මාධ්‍යවල අවධානය දිනාගත් තරුවක් වන මේගන් බ්‍රිතාන්‍යයේ පැරණි සංකේත සහ සංස්කෘතින් සම්බන්ධයෙන් කවර අදහස් දරන්නේදැයි දන්නේ කිහිපදෙනෙකු පමණි.
පසුගිය ඔක්තෝබරයේදී ඇය රූපවාහිනී නාලිකාවක පෙනී සිටිමින් පැවසුවේ, පැමිණිලි කිරීමට නොහැකි කුලවත්කම සම්බන්ධ බ්‍රිතාන්‍ය සංවේදනය පිළිගැනීමට සිදුවීම වෙහෙසකර බවයි. ‘එය නෙමේ ජීවත්වීමේ අර්ථය කියන්නේ’ යැයි ඇය වේදනාවෙන් පිළිගෙන තිබිණි.
1997දී පැපරාසීන් විසින් සිය මව වන ඩයනා කුමරිය ලුහුබැඳීම හේතුවෙන් ඇය මෝටර් රථ අනතුරකට ලක්ව මිය ගිය බවද එතැන් පටන් අද දක්වාම ඔවුන් නොනැවතී සිය පවුල පසුපස ලුහුබැඳ ඒමෙන් තමා පීඩාවට පත්ව සිටින බවද හැරී පැවසීය.
මේගන් කුමරිය සිය පියාට යැවූ බව කියන පෞද්ගලික ලිපියක් පුවත්පතේ පළකිරීම හේතුවෙන් හැරී සහ මේගන් දෙදෙනා එංගලන්තයේ ටැබ්ලොයිඩ් පුවත්පතකට එරෙහිව ද නඩු පවරා තිබිණි.
කෙසේවෙතත්, ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේ, හැරීගේ පියා වන චාල්ස් කුමරු ඔහුට ලැබෙන පෞද්ගලික ආදායමෙන් කොටසක් ලබන වසරේදී හැරී වෙනුවෙන් වියදම් කරනු ඇති බවයි.
(ඒඑෆ්පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සමහර පුත්තු අන්තිම සතේ දක්වා මහජන මුදල් කොහොමද හොරකම් කරන්නේ කියලා මාන බලනකොට මෙවන් වැදගත් පුත්තු මහජන මුදල් සහ දීමනා හැරදා නිදහස් දිවියක් ගෙවන්න ලැස්ති වෙනවා. රටවල් දෙකක පුත්තු අතර වෙනස.
ගෑහැනුන්ගේ පදේට නටන්න ගිහාම ඔහොම වෙනවා. අපේ රටෙත් ගොඩක් පිරිමින්ට වෙලා තියෙන්නේ ඕක. දෙමව්පියෝ සහෝදරයෝ අතාරින්න වෙනවා පවුලේ සමගිය ආරක්ෂා කරගන්න.
තුන්වන සිල් පදය කඩන්න ගියාම මිනිස්සුන්ට වෙන දේ.
රජ කුමාරයෙක් වුණත් පොළොවේ පය ගසා ජීවත් වෙන මනුස්සයෙක්. ඊට අමතරව ලෝකෙට හොඳ මුහුණ පෙන්වන බ්‍රිතාන්‍ය රජ පවුලේ සහ බ්‍රිතාන්‍යන් ගේ වර්ණභේද වාදය හොඳම සාක්ෂියයි. පහුගිය කාලයේ ප්රවෘත්ති මෙය සනාථ කරයි.