කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා යන මැදපෙරදිග ඇතුළු ආසියානු හා යුරෝපීය රටවල් රැසකට කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑම් එල්ල වීම එම තීරණය ගැනීමට හේතු වී ඇතැයි ද එම කාර්යාංශය කියයි.
නිපුණත සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගමය ද එක්ව මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන අතර ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි ඔවුන් සේවය කරන රටවල තානාපති කාර්යාලවල කම්කරු අංශ වෙත
දැනටමත් උපදෙස් ලබා දී ඇතැයි ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව තොරතුරු ලබාගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාලවල විශේෂ දුරකතන අංක හඳුන්වා දී ඇතැයි ද ඊට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ද අවශ්‍ය උපදෙස් ලබාගත හැකි යැයි එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
දැනට විදෙස් ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් හා විදේශ ගතවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තීරණ ගන්නේ ඒ ඒ රටවල බලධාරීන් ලබාදෙන උපදෙස්වලට අනුව බවත් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම් සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින ලෙසත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හොඳටම දන්නා දෙයක් තමයි රාජ්‍ය ආයතනවල මොනතරම් මේ වගේ විශේෂ දුරකථන අංක තිබුණත්, ඒ ආයතනවල මොනතරම් විශාල සේවකයන් පිරිසක් වැඩ කළත් පාරිභෝගිකයෙක් මේ අංකවලට කතාකරලා විස්තරයක් දැනගන්න හදපුවාම මේ අංක හා සම්බන්ධ වෙන්න හරිම අමාරුයි. එ්කට එකම හේතුව තමයි මුළු රටෙන්ම කෝල් ආවත් ඒවා හසුරුවන්න ඉන්නේ එක නිලධාරිනියයි. එක නිලදාරියෙක් හරහා රටටම සේවය දෙන්නයි මේ හැම ආයතනයකම උත්සාහය... මම මේ ඊයෙත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක මේ අංකයකට කතා කළා. දවසම උත්සාහ කළත් කතා කරගන්න බැරි වුණා. එතන ඉන්නේ මේ වැඩේට එක නිලධාරිනියයි. කරුණාකර මේ වගේ ආයතන ගැන හොයලා බලලා අපේ රටේ රැකියා නැති තරුණියන් පිරිසකට මේ සඳහා රැකියා දෙන්න පුළුවන්. මේ තනතුර සඳහා සාමාන්‍ය පෙළ අසමත් කෙනෙක් බඳවාගෙන යම් වැටුපක් දෙන්න. උසස්පෙළ සහ උපාධිකාරයින්ව ගන්න එපා. මොකද ඒ අය මේවගේ රැකියාවලට ගියහම පඩිය ලැබුණාට වැඩ කරන්නෙම තරහෙන්... ඒ හින්දා ජනතාවට සේවයක් වෙන එකක් නැහැ. සාමාන්‍ය පෙළ අසමත් තරුණියන් හට මේ වගේ ආයතනවල මේ රැකියා ලබාදුන්නොත් ජනතාවටත්, ඔවුන්ටත් ලොකු සේවයක් වෙයි.
අපි අපේ විදේශගත සහෝදර සහෝදරියන්ට සහෝදරත්වයේ දෑත දිගුකළයුතු අවස්ථාවයි මේ. අපේ විදේශගත අය ඉක්මණින් ලංකාවට ගෙන්වාගත්තා නම් ඒක ඔවුන්ගේ ආරක්ෂාවට හොඳයි කියලා මට නම් හිතෙනවා. ලංකාවේ ඉන්න ටිකට පොඩි දීමනාවක් දුන්නා නම් එ්කත් ඔවුන්ට උදව්වක් වේවි...!!
තානාපති කාර්යාල වල විශේෂ දුරකථන අංක හැදුවා දී තිබෙන බව කීවත් ඒ ඒ රටවල තානාපති කර්යලවල් වෙබ් අඩවියේ කිසිම් තොරතුරක් මේ ගැන නැහැ.බලන්න ජර්මනියේ බෙර්ලින් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලේ වෙබ් අඩවිය හැම දේම මේ වගේ ලංකාවේ වැඩ.