(දිල්රුක්ෂි ග්‍රේරු සහ මුදිතා දයානන්ද ලග්ගල සිට)
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ලග්ගල පල්ලේගම නව හරිත නගරය ජනතා අයිතියට පැවරීමේ අද (8) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ලැබූ ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද බොහෝ ඇතිබව පැවසූ ජනාධිපතිවරයා එම පරාජයන් ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරි කාලයේදී කැපවීමෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කීය.
“ජාතින් අතර සාමය සමගිය වැඩි කරන්න කළ හැකි සියලු දේ මම කරනවා. පක්ෂ පාට වලින් මිදිලා රටේ ආර්ථිකය ගොඩනගන්න පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙක තබා එකාවන්ව කැපවීමෙන් වැඩ කළ යුතුයි.”



(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කිව්වට එක්කෙනෙකුට "දිවයිනේ තුන්වෙනි ධනවතා" කියලා ඇමෙරිකාවේ පළකෙරෙන " ෆෝබ්ස් " සඟරාවේ පිටුවක් පුරා පල කරවා ගන්න හැකි උන එකම මදිද?
මෙතුමා මොන කටින්ද මන්දා කතා කරන්නේ. වංචාව, දුෂණය, නාස්තිය පරාජය කරන්න වෙන්න ඇති කලින් නීති විරෝදී ආණ්ඩුව පිහිටෙව්වේ අර වංචාව, දුෂණය නාස්තිය ගැන මොකුත්ම නොදන්නා අති පිරිසිඳු කට්ටියත් එක්ක එකතුවෙලා. ඒක කලේ වංචා දුෂණ කාරයන්ව විශේෂ අධිකරණයට ගෙන ඒමට බැරිවීමටයි. කෝටි පණහට මන්ත්‍රීන් විකිනෙන බව හෙලිකරපු රන්ගේට ඇමතිකම දීම ප්‍රතික්ෂේප කළා. ඒවා ඔක්කොම කලේ අපට පෙනෙන හැටියට වංචාව දුෂණය නාස්තියට ජය අරන් දෙන්න වගෙයි. හැබැයි කියන්නේ කරපු දේට හාත්පසින්ම වෙනස් දෙයක්.
ඔහොම කීවට කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානය සමඟ පසුගිය 06 වනදා සිට ජනාධිපති වරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද පත්කර ඇති ජනක රණවක නැමැත්තා විසින් "සැබෑ සිංහයකුගේ සිව් වසරක යුග මෙහෙවර" සහ "මතු මතුවටත් ජනපති ඔබයි - තුන් හෙළයේ හැම පැතුම එයයි" කියා සුබපැතුම් පෝස්ටරයක් කොළඹ වටේ අලවා තියෙනවා දැක්කෙම නැද්ද? ඒවගේම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා, “නව වසරේ පොරොන්දු වූ පරිදි, දූෂණයට එරෙහිව සටන් කිරීමට ජනාධිපතිවරයා විසින් කැපවී සිටින බව කියන නමුත් 2018 වසරේ අවසාන භාගයේදී ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දූෂණ චෝදනා එල්ල කර තිබියදී, ජනාධිපති කාර්යාලය විසින්ම, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති වරයාගේ වත්කම් ප්‍රකාශය ජනතාව වෙත හෙළිදරව්කිරීම අවහිර කරන්නට දරන උත්සාහය විමති සහගත බව සහ වර්තමානයේ දී, විශ්වසනීයතත්වයෙන් යුතු ස්වයං ප්‍රකාශිත තොරතුරු මහජනතාව අතට පත් කිරීම, දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා අත්‍යවශ්‍ය වුවත් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව සිදු නොවන්නක් බව" කියා ඇති බව වාර්තා වෙනවා දැක්කෙම නැද්ද?
ඔබගේ නිෂ්පල කතාවලට තව ඇත්තේ මස 11 කාලයකි.
අනේ මන්දා ඉතින් එකඑක වෙලාවට එක එක කතා කියන නිසා හරියටම ඔබතුමා මොකක් කියනවද කියන එක මහජනයාට ප්‍රේහේලිකාවක්.
පරාජය කරගත්තේ ඔබතුමා ගේ වැඩ පිලිවෙලින්
අපිටනම් දින 100න් එපා උනා. ඔබතුමාට සිව් වසරෙන් එපා උනාට ඡන්දේ දීපු 62 ටනම් තවම එපා වෙලා නෑ.
ඉස්සෙල්ලම ජනාධිපති එක ප්රතිපත්තියක ඉන්න ඕන. එක වෙලාවක අලියගේ, තව ටිකකින් පොහොට්ටුවේ , මෙන්න තව මොහොතකින් අතේ. අපිට නිකන් පිස්සු වගේ මේවා පෙනෙනකොට.
අපිටනම් මේ එක එක්කේනාගේ අරමුණු ඉටු උනත් එකයි නැතත් එකයි.... අවශ්‍ය වන්නේ රටේ දියුණුව, රටේ ආරක්ෂාව සහ පුරවැසියන්ගේ සුබ සිද්දිය. යහපාලනය ද යමපාලනයද අපට නම් අදාලම නැත. එබැවින් රටේ මුල් පුරවැසියාට .මෙසේ පැවසීමට කැමැත්තෙමු. පොදු ජනතාවගේ බදු මුදල්වලින් " දිවි ගෙවන " ඔබ ඇතුළු සියලුම මහජන නියෝජිතයන් (තම තමන්ගේ පවුල් ද ඇතුළුව ) දැන්වත් තම තාමන්ගේ ගොඩ වැඩි නොකොට මහජනතාව ගැන තමන් උපන් රට ගැන හිතුවොත් මුල් පුරවැසියා ඇතුළු සියලුම 225 වූ අයගේ ශරීර සෞඛ්‍යට වැදගත් වනු ඇත.
එ්කට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ජනපති.. මොකද හොරුන්ව ආරක්ෂා කරමින් නඩුවලට අදාල උදවිය අත්අඩංගුවට නොගැනීමට කටයුතු කරමින් එෆ්.සී.අයි.ඩී. ප්‍රධානීන් ඉවත් කරමින් වැඩ කලේ ජනපති විසින් වසර 4 ජනතාවට බොරු කරමින් ජනතාවගේ බලාපොරොත්තු විනාශ කලේ ජනපති අවසානයේ තමන්ගේ වාසියට රටම පවා දුන්නේද ජනපති...
දූෂණ, වංචා ඕනෙම රටක වෙනවා විය හැකිය. ඒවට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රශ්නයක් නැත. ඔබතුමා කොමිසන් පත්කළා. නඩුත් දාලා තියනවා. රටේ නායකයා හැටියට ඔබට සම්පූර්ණ බලය තියෙනවා. ඒවා නිසිලෙස පරීක්ෂණ කරේද යන්න පරීක්ෂා කරන්න. එතින් තව මොනවද කියන්නේ...? මේවා විහිලු කතන්දර.
පසුගිය දවස්වල උසාවියෙන් පච වුණු එකතවත් පරාජයක්...
2015 පිහිටවපු යහපාලන ආණ්ඩුවේ නායකයා කවුද? චීනෙක්වත්ද, රුසියන්කාරයෙක්වත්ද? අනේ මන්දා. මට නිකම් පිස්සු වගේ... කරකවලා ඇත ඇරියා වගේ දැනෙන්නේ!
අරමුණු ඔක්කොම ඔක්තෝබර් 26 හෙලිවුණා..
අරමුණ කටින් විතරයි...
2020 එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා නොලැබුණු නිසා දැන් මෙහෙම කියනවා. පොහොට්ටුවත් 2020 දී මෙයාට පයින් ගහනවාමයි. එදාට අද වගේ පොහොට්ටුවටත් පතුරු ගහවි. කිසිම ප්‍රතිපත්ති හෝ දර්ශනයක් නැහැ...
දැන්වත් විහිළු සපයන්නේ නැතිව සිටියොත් හොඳ නැද්ද?
ඔව්... මෙයා එ් සියල්ලට වගකියයුතු ප්‍රධානියා...
ජනාධිපති විදියට ඉටුකරපු අරමුණු හා දේවල් මෙන්න ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා පක්ෂ නායකයා ජනාධිපති වේ.. ජනාධිපති ඇමතිකම් දරයි.. එවිට ආණ්ඩුවේ (පවතින රජයේ නායකයා ජනාධිපති) වේ. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා ආණ්ඩුවේ කොටස්කරුවෝ වේ. එහෙම නම් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාද ආණ්ඩුවේ කොටස්කරුවෝ වෙති. ඒ කොටස්කරුවන් කොහොමද විරුද්ධ පක්ෂයේ නායකයා වෙන්නේ..? අපි මේ කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරමු. දැන් පවතින්නේ 19 වන ව්‍යවස්ථාවයි... අපිට නිවැරදි අර්ථ නිරූපණයක් අධිකරණයෙන් ලැබේවි..!!!
පක්ෂ, පාට වලින් මිදිලාද දැන් ඔය වැඩ කරන්නේ?
ඔබතුමා ජයග්‍රහණය කරවන්න ඡන්දය දීමෙන් රටේ ජනතාව වන අපි පරාජයට පත් වුණා..!
රටට නිදහස ලැබී ගතවුණු අවුරුදු ගණන වැරදියට කියූ නායකයාගෙන් මොන දියුණුවක් බලාපොරොත්තු වෙන්නද ?
එසේ වුවත් නිර්පාක්ෂික අපේක්ෂකයෙක් විධියට ජනපතිවෙලා ඉතා කෙටි කාලෙකින් වෙනත් පක්ෂයක නායක්වය ගෙන තමන් පත්කරගත් කණ්ඩායමට විරුද්ධව වැඩ කිරීම එතරම් යහපත් ක්‍රියාවක් නොවෙයි. අවම වශයෙන් පොරාන්දු කාලපරිච්ඡේදයවත් ඉවසගෙන ඉඳලා ඉන් අනතුරුව පක්ෂ මාරුකළා නම් එහි ඇති වරදක් නැහැ. මෙයින් තේරුම් ගත යුත්තේ නිර්පාක්ෂික අපේක්ෂයින් පත්කළවිට නියමිත කාලයට පෙර පක්ෂ දේශපාලනයට යොමුවීමේ ඉඩකඩ වැඩි බවයි...