(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමල් ජයසිංහ)
යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා කළ ඇඳුමට සමාන නිල ඇඳුමක් යාපනය මහ නගර සභාවේ සේවකයින් පස් දෙනකුට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා අද (9) අලුයම ත්‍රස්ත්‍ර කියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නගර සභාවේ පරිසර රාජකාරි කටයුතු අධිෂණය සදහා පිහිටුවා තිබූ විශේෂ ඒකකයක භටයෙන් හට නගරාධිපතිවරයා විසින් මෙම නව නිල ඇඳුම හදුන්වාදී තිබිණි.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව යාපනය පොලිසිය හා ත්‍රස්තවාදී ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර නාගරික කොමසාරිස් කොමසාරි වරයා ඇතුළු පිරිසකගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි .
ප්‍රකාශ අනුව මෙම නිල ඇඳුම නගරාධිපතිවරයා විසින් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක්.... එක නීතියක්
ඉතාමත් හොදයි.... ආණ්ඩුවට මගේ ආචාරය
මොනවා වුණත් යහපාලනයට වඩා මේ ආණ්ඩුව හොඳයි කියන්නේ ඒකයි.