
(ඉන්දිකා රාමනායක)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් ලෝක ළමා දිනයට සමඟාමීව දකුණු සුඩානයේ දීද ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී.
අවතැන් කඳවුරුවල රැඳී සිටින ළමුන්ට පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසැල් උපකරණ ලබා දෙන ලදී.
දකුණු සුඩානයේ බෝර්හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් පවත්වාගෙන යනු ලබන දෙවැනි මට්ටමේ රෝහලේ සේවය කරනු ලබන යුද්ධ හමුදා භට පිරිස් විසින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබුණි.
දකුණු සුඩානයේප එක්සත් ජාතීන්ගේ සාමසාධකාරි සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්යත බලකායේ අටවන භට ඛණ්ඩය මේවන විට එහි රාජකාරි ඉටු කරති.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ සාම සාධක මෙහෙයුමේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ අංශයේ සහයෝගය ඇතිව බෝර්හි පිහිටි දෙැවනි මට්ටමේ රෝහලේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම් එම් නිෆ්ලාර් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබි රාජකීය ගුවන් හමුදා ,උතුරු මූලස්තාන තබුක් හි සේවය කල කාලයතුල හිත දිනාගත් ජාතියක් වීනම් ඒ සූඩානීන් පමනි.
නියම වැඩක්, සියලුම සුභ පැතුම්. අප්‍රිකානු රෝගවලින් ඔබේ සෞඛ්‍යය ගැනද සැලකිලිමත් වන්න.
ලස්සන ෆොටෝ ටික... හරිම හුරුබුහුටියි..