(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසල අද (23) සවස යතුරු පැදියක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ යතුරු පැදිය ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ පරෙයිගම පැතියවෙල ජනපදයේ පදිංචි රනිදු බද්දෙවිතාන නැමැති 16 හැවිරිදි තරුණයෙකු සහ පරෙයිගම පැතියවෙල ජනපදයේ පදිංචි තාරුක දිල්ශාන් නැමැති 24 හැවිරිදි තරුණයෙකි.
එම දුම්රිය හරස් මාර්ගයේ සේවය කළ මුරකරු නැවත ලබා දෙන්නැයි පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයකද නිරතවූහ.
මෙම සිද්ධියත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දෙසට ගමන් කිරීමට තිබෙන දුම්රියන් හයක් බේරුවල, මග්ගොන, පයාගල ,දකුණු කළුතර දුම්රිය ස්ථානයන්හි නතර කර තිබූ අතර මාතර සිට මහනුවර දක්වා ගමන් කරන දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබුණි.
මෙම විරෝධතාවය හේතුවෙන් නවතා තිබූ දුම්රියන් තුළ සිටි මගීහු දැඩි අපහසුතාවයකට පත්වූහ.
පැය තුනකට අධික කාලයක් මෙම විරෝධතාව පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේට්ටුකරුවන් නොමැති වුවත් මෙහි ක්රියාත්මක වර්ණ සඥා තිබෙන බවයි පෙනෙන්නේ. අනතුරු හැඟවීම නොතකා යතුරුපැදිය ධාවනය කොට ඇති බවයි හැඟෙන්නේ. කණගාටුයි. මියගිය අයට නිවන් සුව පතමු.
ගේට්ටුවක් නැති වුනාට සංඥා එලි ක්රියා කරන්න ඇතිනේද. ලංකාවේ දුම්රියක් පාරක් පසුකරන්න ගතවෙන්නේ සුළු කාලයයි. එතෙක් ඉවසන්න බැරිද? මම ඉන්න රටේ දුම්රියක ගැල් 95 ක් පමණ තිබෙනවා. එසේ තිබුනත් සෑම කෙනාම දුම්රිය පසුවෙනතෙක් ඉවසගෙන සිටිනවා.
මේ අය ප්රථම වතාවට නෙවෙයි වෙන්නැති මෙතනින් යනවා ඇත්තේ. හේතුව මොනවා උනත් අද වෙනකොට කීයක් ජීවිත නැති වෙන්න ඇත්ද ? කල්පනාවෙන් තත්පරයකට නැති උනත් මෙහෙම වෙන්න පුළුවන්.
ආලෝක වැඩක් නැහැ. හොඳට සද්දේ එන බෙල් එකක් දාන්න.
ගේට්ටු ටික දාගන්න බැරි නිලධාරීන් මොකටද?