
(තිලකරත්න දිසානායක)
මෝටර් රියක් ගැටී ගම්පහ මිරිස්වත්ත නගර මධ්‍යයේ විදුලි ට්රාන්ස්පෝමරයක් සහිත අධි බලැති විදුලි රැහැන් කණුවක් , කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ඇති ධාවන තීරුවට කඩා වැටීමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකටද හානි වී තිබිණි.
උදෑසන 7 ට පමණ මෙය සිදුව ඇති අතර රැහැන් කණුව ඇද වැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයා සුළු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
විදුලි රැහැන් කණුව වැටීම හේතුවෙන් මහනුවර දෙසට ධාවන තීරුව මුලුමනින්ම අවහිරව තිබීම මත එක් මංතීරුවකින් වාහන ධාවනය කරවීමට පොලීසිය පියවර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd