
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පාවිච්චි කරන්නේ යැයි පැවසෙන රජයේ නිල නිවාස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා ඇතුළු පිරිසක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අද තවත් අයදුම්පතක් යොමු කළහ.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ගැනීමට අමාත්‍යාංශයට පසුගිය පසුගිය වසරේ ජුලි මාසයේ සිට අයදුම්පත් තුනක් යොමු කර ඇතත් මේ දක්වාම ඒ එකම අයදුම්පතකට හෝ බලධාරීන් කිසිදු පිළිතුරක් ලබාදී නැතැයි ඔහු සඳහන් කළේය.
කතානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පාවිච්චි කරන නිවාස සංඛ්‍යාව, ඉන්ධන කෝටාව සහ වාහන ඇතුළු පහසුකම් පිළිබඳව මෙමගින් තොරතුරු ඉල්ලා සිටින බව පැවසූ අබේකෝන් මහතා ඔවුන්ගේ එම පහසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන්ද තොරතුරු ඉල්ලා ඇතත් කිසිදු තොරතුරක් නොලැබුණු බව සඳහන් කළේය.
රටේම ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදී මේ ආකාරයට මගහැරීම ගැන කණගාටුවන බවත් මෙය තමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන අවසාන අයදුම්පත බවත් දිනේෂ් අබේකෝන් මහතා සඳහන් කළේය.
සිවුවැනි අයදුම්පත සම්බන්ධයෙන් අදාළ බලධාරීන් තොරතුරු දෙන්නේ දැයි තමා විමසිල්ලෙන් පසුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොටම දැන් තමයි ඇහැ ඇරිලා තියෙන්නේ... රාජපක්ෂලා ඉන්නකොට මොවුන් කොහේද හිටියේ
ඒ වුනාට නීතිය සැමට සමව ක්‍රියාත්මක වෙනවනේ. අනුරාධපුරේ හොඳම උදාහරණය.