
(අංජුල මහික වීරරත්න)
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්රික්කයේ ගොවීන් 5000ක් සඳහා වන්දි මුදල් ගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
වගා නොකළ ඉඩම් අක්කර 12800 ක් වෙනුවෙන් මෙම වන්දි ගෙවීමට නියමිතය.
මෙම වන්දි මුදල් ප්රදානය කිරීමේ ආරම්භයක් ලෙස තෝරා ගත් ගොවීන් 250 ක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් මාලිම්බඩ ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී හෙට(27)වන්දි මුදල් ප්රදානය කෙරෙන අතර සෙසු ගොවීන් සඳහා සියලු වන්දි මුදල් ඉදිරි දින 14 ඇතුලත ලබා දීමට කටයුතු කරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd