
(විනීතා එම් ගමගේ)
ත‍්‍රිකුණාමලය සාපි නගර් ප‍්‍රදේශයේ මහවැලි ගඟේ හෙක්ටයාර් 27 භූමි ප‍්‍රමාණයක් යන්ත‍්‍ර සුත‍්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී ඇතැයි පරිසරවේදීහුු පෙන්වා දෙති.
මහා පරිමාණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා මෙසේ වැලි කැණීමට අවසර දී ඇති සාපිනගර් ප‍්‍රදේශය මහවැලි ගඟ කලක් තිස්සේ පරිණාමිකව ගලා යාමෙිදී ස්වභාවික ලෙස නිර්මාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප‍්‍රමාණයක් ඇති ප‍්‍රදේශයක් වන අතර ස්වභාවික ඩෙල්ටාවක් ලෙසින් ද වර්ධනය වන පාරිසරික සංවේදී කලාපයකි.
මීට පෙර මෙම ප‍්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප‍්‍රදේශවාසීන් විසින් බලපත‍්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම ස්වභාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප‍්‍රතික්ෂේප කර තිබු බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධයස්ථානයේ සභාපති රවීන්ද්‍ර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
පසුකාලිනව මහා පරිමාණයෙන් වැලි කැණීම් කරන ආයතනයක් වැලි කැණීම් සඳහා බලපත‍්‍ර ඉල්ලා සිටියත් එම ප‍්‍රදේශයේ ඇති පාරිසරික සංවේදීභාවය නිසාම එම වැලි බලපත‍්‍රය ලබාදීම භූ විද්‍යා හා පතල් කාර්යංශය විසින් ප‍්‍රතික්ෂේප කර තිබුණු බව ද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ප‍්‍රදේශයේ ලවණතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාථ වී ඇති බවත් ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් මෙවැනි බලපත‍්‍ර බොහොමයක් ලබා දී ඇති බවත් තමන් කළ සොයාබැලීමක දී හෙළි වී යැයි ඔහු සඳහන් කළේය.
මේ පිිළිබඳව ලංකාදීප කළ කළ විමසීමක දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති ඉංජිනේරු අනුර වල්පොල මහතා කියා සිටියේ නීති විරෝධීව වැලි කැණීම් බලපත‍්‍රයක් නිකුත් කර ඇති බව සැබෑවක් බවය.
මහා පරිමාණ වැලි කැණීමකට බලපත‍්‍ර නිකුත් කරද්දී පරිසර අධ්‍යයනයක් සිදුකොට තක්සේරු වාර්තාවක් ලබාගත යුතු බවට ජාතික පාරිසරික පනතේ සඳහන් වෙතත් මෙම බලපත‍්‍රය ලබා දීමට පෙර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කිසිදු අධ්‍යයනයක් සිදුකර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කමක් නැහැ අපේ සර් ට කඩේ ගිය අයටනේ දීලා තියෙන්නේ...