(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර යටිනුවර සිව්මහල් වෙළඳ සංකීර්ණයක අද(08) අලුයම ඇති වූ ගින්නකින් එකම පවුලේ පස්දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
තුවාල ලැබූ අය අතර අවුරුදු 3, 7 හා 8 යන වයස්වල පසුවන කුඩා දරුවන් තිදෙනෙකු ද වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප - චමිල් රූපසිංහ


යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්
මහනුවර යටිනුවර වීදීය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 4 ක් පිටත් කර යැවු බව ගිනි නිවන ඒකකය සඳහන් කරයි.
ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටි බව පොලිසිය පවසයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි අරන් පැය ගණනාවක් යනකල්වත් ගිනි නිවන හමුදාව නැහැ. මේ ගැන වහාම පරීක්ෂණයක් කර අදාළ අය සේවයෙන් නෙරපන්න. හතු පිපෙනවා වගේ හැදෙන එපාර්ට්මන්ට් ගොඩනැගිලි වල ගින්නක් ආවොත් දෙයියන්ගේම පිහිට තමයි. මේ සුළු ගින්න නිවාගන්න බැරි අය ඒවා කොහොම නිවන්නද?
ගින්න මැඩපැවැත්වීමට පිටත් කර යැවු රථ 4 තල්ලු කර ගෙනද ගෙනිහින් තියෙන්නේ කිලෝ මිටර් 3ක් යන්න ඔය තරම් වේලාවක්
ඉස්සර නම් මහනුවර ගිනි නිවන ඒකකය තිබුනේ නගරය මැද, මධ්‍යම වෙළෙඳපොල අසල. එතන සිට නම් ඔය ගින්න ඇතිවුන තැනට කිලෝ මිටර් භාගයක්වත් නැහැ. ගිනි නිවන හමුදාව කෙසේ වෙතත්, ඒ අසල සිටි මිනිසුන් ගින්නට අසුවූ අයගේ ජීවිත බේරා ගන්නට තැත්කල ආකාරය ප්‍රසංසනීයයි.
මොකද මේ ගිනි නිවන හමුදාව මේ තරම් පරක්කු...? අවට හිටපු අය නැතිනුම් ඒ අසරණ පව්ලට මොකද වෙන්නේ?
මට මතකයි දැන් අවුරුදු කීපයකට පෙර මොරටුව පැත්තේ ගින්නක් නිවන්න ගිය ගිනිනිවන හමුදාවේ රථයක් මගදී ලයිට් කණුවක හපාගෙන එ්ක ගිනි ගන්නකොට මග දෙපස සිටි මිනිස්සු තමයි ගින්දර නිවලා භටයින්ව බේරාගත්තේ...