(විනීතා එම් ගමගේ)
පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකරන ලද පුරා විද්‍යා කැණීම් වල වාර්තා පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් දැනුමක් ඇති පුද්ගලයින් නොමැති බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ආචාර්ය ශිරාන් දැරණියගල මහතා වෙත යවන ලද ලිපියක සඳහන් වේ.
එම වාර්තා පරීක්ෂා කිරීම සඳහා දැනුමක් සහිත නිලධාරින් තම දෙපාර්තමේන්තුවේ නොමැති බැවින් ඒ සඳහා සහය වන්නැයි ඉල්ලමින් ආචාර්ය ශිරාන් දැරණියගල සහ ආචාර්ය එච් නිමල් පෙරේරා යන මහත්වරුන් වෙත පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් යවන ලද ලිපියෙන් මේ බව හෙළි වේ.
දෙපාර්තමේන්තුවේ බලපත්‍ර යටතේ කැණීම් කරන ලද එහෙත් අවසන් වාර්තා ලබා නොදුන් පුද්ගලයින්ට නව කැණීම් බලපත්‍ර නිකුත් නොකිරීමට දෙපාර්තමේන්තුව ගත් තීරණයේ ප්‍රථම පියවර ලෙස මෙසේ රාජ් සෝමදේව මහතාගේ කැණීම් පිළිබඳ වාර්තා පරීක්ෂා කිරීමට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.
එහි පළමු පියවර ලෙස රාජ් සෝමදේව මහතාගේ වාර්තා පරීක්ෂා කිරීමට තීරණය කළ බවත් එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් දැනුමක් ඇති නිලධාරින් තම දෙපාර්තමේන්තුවේ නැති බවත් අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපියෙහි සඳහන්ව ඇත.
කෙසේ වෙතත් වැළලී යන හෙළ උරුමය සෝමදේව මහතා විසින් හෙළි කරමින් සිටින බවත් ඔහු මන්නාරම් සමුහ මිනිවල පිළිබඳ කැණීම් කටයුතු සිදුකිරීම නැවැත්වීමට මෙසේ බලපත්‍ර දීම අත්හිටුවීමට කටයුතු කරන බවත් පෙනෙන්නේ යැයි ජාතික නිදහස් පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහාචාර්ය තුමා ඉතාමත් විශේෂ බුද්ධියකින් හෙබි උගතෙක්. කලක් එතුමා කළුතර සිරිකුරුස විදුහලේ ඉගැන්වුවා. ඒ ලැබෙන මුදල් පවා යෙදෙව්වේ පර්යේෂණ වැඩ වලටයි. ඒ කාලයේ මෙතුමා සිදුකල යටාල වෙහෙර,හොරණ දියගම සිදුකල පර්යේෂණ සඳහා මා විශාල ප්‍රමාණයේ ලිපි පුවත්පත්වල පලකලා. එතුමා වැනි බුද්ධිමතෙකුට යම් පමණකින් හෝ සහයක් දැක්වීමට ලැබීම භාග්‍යක්.
ඇත්ත තමයි පුරාවිද්‍යාත්මක කැනීම් නම් කරන්නේ මිනී වලලවල් හාරලා නැති ප්‍රසන ඇතිකර ගන්නේ මොකටද? රටට පෞරාණික වශයෙන් වැදගත් කමක් ඇතිදේ පමණක් මතුකරගන්න.
මහචාර්ය රාජ් සෝමදේවගේ වාර්තා කියවා ඒවායේ කරුණු කියවා තේරුම් ගැනීමට සුදුසු වෙනත් පුරාවිද්‍යා වෘත්තිකයින් රටේ සිටිය නොහැක. එය ඉතා පැහැදිලිය. පුරා විද්‍යාව පිළිබඳ පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක්, ජාතික යාන්ත්‍රණයක්ද, තාක්ෂණ පහසුකම්ද නැති රටේ ඕනැම කෙනෙකුට ඕනැම තැනක වලක් හාරා ගල් කෑල්ලක් සොයාගෙන එය බුදුන්ගේ කාලේ එකක් යැයි කීවිට එය එසේ නොවේ යැයි කීමට කිසිවකු ඉදිරිපත් නොවේ! - මහචාර්ය රාජ් සෝමදේව බොහෝ අත්දැකීම් ඇති වෘත්තිකයෙක් වන අතර ඔහු විසින්ම රටේ ඉතිහාසයක් ගොඩ නැගීමට උත්සාහ කරමින් සිටියි. බුදුන් ලංකාවට වැඩිය බව සනාථ කිරිමට වරක් ඔහු ඇට මාලයක් පෙන්විය. මිථ්‍යාව වැසිමට තවත් මිථ්‍යාවක් ගොඩ නැගීම බරපතල වැරැද්දක් පමණක් නොව පවතින පිළිගත් සත්‍ය විකෘති කිරිමකි. විකෘති කරන ලද ඉතිහාසය බොහෝවිට වර්තමාන ගැටළු ඇති කරති. මන්නාරම් සමූහ මිනීවල පිළිබඳ කැණීම් කටයුතු සිදුකිරීමට මහචාර්ය රාජ් සෝමදේවට කිසිදු සුදුසුකමක් නැත. එය කිරිමට සුදුසු වෘත්තිය කණ්ඩායම වන්නේ වෝහාරික (Forensic Medicine - Medical jurisprudence) වෛද්‍යවරුන්ය. මේ පිලිබඳ අප රටට බොහෝ අත්දැකීම්ඇ ති අතර සුදුසු වෙද්‍යවරුන් ද සිටිති.
ඔහුව පුරවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි උසස් තනතුරකට පත්කරන්න සුදුසුකම් ඉතා ඉහළයි.
අවශ්‍ය දැනුම දෙපාර්තමේන්තුවට නැත්නම් මෙච්චරකල් ඕකේ ඉන්න අය මොනවාද කරන්නේ. සෝමදේව අලුත් තාක්ෂණය සහ දැනුම සමඟ රට වෙනුවෙන් කරනදේ ඔය දෙපාර්තමේන්තුවේ ඉන්න කකුල් දෙකේ ඇවිදින පුරාවිද්‍යා වස්තුවලට අල්ලන්නේ නැද්ද දන්නේ නැහැ.
උගතෙක් වූ මේ මහැදුරුතුමා තමන්ගේ කැනීම් වලින් ලත් පුරාවස්තු තවමත් භාර නොදී ඇතිබවට ආරංචියකි. තමන්ගේ බලපත්‍රය ලබා ගැනීමට ඊනියා ජාතිවාදයක් හා දේශපාලනයකට මුවා වීම කණගාටුදායකයි. මෙම මහැදුරුවරයාගේ පර්යේෂණ පත්‍රිකා පරීක්ෂා කරන්නේ මහැදුරු දැරණියගල බැවින් මෙම කටයුත්තට ඒ මහතා සුදුසුයි.
මේ තීරණය උචිතයි. මෙතුමා තම වාර්තා ඉදිරිපත් නොකිරීම හා පුරාවස්තු භාර නොදීම නිසයි කැණීම් බලපත්‍රය අලුත් නොකර තිබෙන්නේ. එමෙන්ම උඩ කොමෙන්ටුවේ පරිදිම මන්නාරම සමූහ මිනීවල පරීකෂා කිරීමට අවශ්‍ය වෝහාරික වෛද්‍ය විද්‍යා දැනුම එතුමා සතුව නැහැ. එසේවුවත් මේ තීරණයට ජාතිකවාදී දේශපාලනය ගාවා ගනිමින් ඒ මහතා හා ජාතිකවාදී දේශපාලඥයන් හා ෆේස්බුක් අනුචරයන් අමුතුම රංගනයක් ඉදිරිපත් කරනවා.
ගරු ජනාධිපතිතුමනි, පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ධුරයට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරන්න. එතකොට ඔය ප්‍රශ්ණේ ඉවරවෙයිනේ. නැතිනම් එතුමාට ඇමෙරිකාවට එන්න දෙන්න. එතුමා වැනි විශිෂ්ට ගනයේ බුද්ධිමතකුගේ පර්යේෂණ ඇමෙරිකාව මහත් ඉහළින් අගය කරාවි. ඒවා සංරක්ෂණය කරාවි. එතුමාගේ සහයට ඇමෙරිකාවේ උගත් බුද්ධිමත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කණ්ඩායමක් ඒකරාශී වෙමින් ඉන්නවා. එතුමාට තව කරදර කරන්න එපා! මේ විදිහේ කෙණෙහිලි නිසා එතුමා ශ්‍රී ලංකාවට අහිමි වෙන දිනය වැඩි ඈතක නෙවෙයි!