(සුජිත් හේවාජුලිගේ)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කරුණු සලකා බලමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම සැලකිල්ලට ගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට බලාපොරොත්තු වන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාට ආරක්ෂාවක් ලබා නොදීම සහ මන්ත්‍රී ජගත්විතාන මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජනය පිළිබඳව ඔහුට කල් තියා දැනුම් නොදීම යනාදී කරුණු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැවසුවේ ජාතික ආරක්ෂාව බිඳවැටීම සැලකිල්ලට ගෙන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට දේශපාලන පක්ෂ කටයුතු කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාවේ සිනා...
හිටපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ අය බලයේ හිටපු කාලේ රටේ ආරක්ෂාව හොන්දටම තියෙන්න ඇතිනේ? මහ දවාලේ අධි ආරක්ෂිත කලාපයක් තුළ ලසන්තව අමානුෂිකව ඝාතනය කෙරුවා. මාධ්‍යවේදින්ට, පහරදීම්, මාද්‍ය ආයතන ගිනි තැබිම් කෙරුවා. අධිකරණය පවා දේශපාලණීකරණය වෙලා තිබුනේ. නීතීය හරියට ක්‍රියාත්මක කරන කොට, දූෂිත දේශපාලුවන්ට දරාගෙන ඉන්න බැරුව ඇති....
මේ අවස්ථාවේ ඇමැතිට විශ්වාස භන්ගයක් ගෙන එන එක විපක්ෂය විසින් කරන මෝඩ වැඩක්..., පාර්ලිමේන්තුවේ බහුතරේ තිබෙන නිසා විශ්වාස භන්ගේ පරදිනවා. නමුත් ඇමති වටා ඉන්න නිලධාරින්දෙන දිරච්ච ලණු ටොන් ගණනින් ගිලීම නිසා දැනට පවත්වාගෙන යන ඇදගෙන නාන නෑමේ වේගය ඉතා වැඩි නිසා ඇමැති ඉතා කෙටි කාලයකදී කොහොමත් අමාරුවේ වැටෙනවා. පාස්පෝර්ට් හැදුනුම්පත් කන්තෝරු දෙකේම පගාව ගැසීම සහ මිනිස්සු රස්තියාදු කිරීම ඉතා ඉහළ මට්ටමෙන් සිදු වෙනවා.. මේ වගේ රස්තියාදු වෙන මිනිස්සුගේ දෝෂාරෝපණයට කෙලින්ම ලක්වෙන්නේ ඇමතිතුමා.... විපක්ෂයට තිබෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක පමණි...