(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහා බැංකුව 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව පිළිබඳව සභාව කල් දමන අවස්ථාවේ විවාදය අනිද්දා (20) පැවැත්වේ.

එම විවාදය පැවැත්වෙන්නේ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන යෝජනාවක් අනුවය.

පාර්ලිමේන්තුව හෙට  (19) සිට ලබන සිකුරාදා(22)  දක්වා රැස්වීමට නියමිතය.

එසේම ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි තුනක් සහ විසර්ජන  පනත යටතේ යෝජනා සම්මත නවයක් (21) බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිතය.

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, නන්දන ගුණතිලක ,එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ  කනගසබෙයි තම්මන්පිල්ලෙයි යන මහත්වරුන් වෙනුවෙන් ශෝක යෝජනා විවාදය 22 සිකුරාදා පැවැත්වේ.