
(අංජුල මහික වීරරත්න)
රණවිරුවො යුද්දෙ ඉවර නොකලා නම් ජනාධිපතිට යාපනේ ජොගින් යන්න වෙන්නේ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
යුද්ධය අවසන් නොකළා නම් ජනපතිට ජොගින් යන්න වන්නේ ප්රභාකරන්ගෙන් අවසර ලබාගෙන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළේ අවිස්සාවේල්ල රණවිරු ගම්මානයේ පැවති රණවිරු සැමරුමකට සහභාගී වෙමිනි.
"යුද්ධය අවසන් වුනාට යුද්ධය අවසන් කරන්න නායකත්වය දීපු අයගෙන් කරන පලිගැනීම අවසන් නෑ.කණගාටුවට කාරණය ඒක.අද ඔබට මට නිදහස සමරන්න දායකත්වය දීපු රණවිරුවෝ දහස් ගණනක් තවම ආබාධිතව ජීවත් වෙනවා.ඒ වගේම ඒකට නායකත්වය දීපු නිලධාරීන් අදටත් හිරබත් කනවා.බුද්ධි අංශ නිලධාරීන් හිරබත් කනවා. එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ උවමනාව ඉෂ්ඨකරන්න ආණ්ඩුව මැදිහත් වෙමින් සිටිනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා තවම අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න හදන්නේ. මේ පවුලම සත 5කට විශ්වාස පුළුවන් මිනිස්සු නෙවෙයි.
ඔව් අප්පා එලෙව්වේ නැත්තම් තාමත්, අප්පයි, බාප්පලයි, තමනුයි තාමත් මේ රටට සුද්දේ දෙනවා...
ඔව්, ෆොන්සේකා මහත්තයා නොහිටියා නම්, අනුරට ජොගින් යන්න වෙන්නේ නැහැ, ඔය කතාව වෙන්න ඕන ඔය විදියටයි..
ආන්නේකනේ කියන්නේ.... යුද්ධය ඉවර නොකළා නම් කාට කාටත් කෝටිපතියෝ වෙන්න ලැබෙන්නෙත් නෑනේ. නේද?
සරත් ෆොන්සේකා මහතාගේ කළ දේ ගැනත් කියන්නේ... කොළඹ ඉදන් යුද්දේ කරන්න බැහැ.
යුද්ධෙ ඉවරකරපු ෆොන්සේකාගෙන් පළිගත්තා, හිරේ දැම්ම අනුර හෙලාදකිමු...!
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා යුද්ධයට දායකත්වයක් දුන්නේ නැද්ද එතකොට... ඔහේලා එතුමාව හිරේ දාලා පලි ගත්තු හැටි මතක නෑ වගේ නේද? මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලාද හිතන්නේ...