
(සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මේ පනතට අදාළ කෙටුම්පත ප්‍රසිද්ධ කර ඇති බවත් මහජන අදහස් ලැබී ඇති බවත් අමාත්‍යවරයා කීය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහූසිකර අලුත් නීතියක් ගෙන එන බවද ඔහු සඳහන් කළේය.
මේ සෑම වැඩකදීම ජනතාවගේ අදහස් කෙරෙහි වැඩි අවධානය යොමු කරන බවත් සියල්ලේ අරමුණ රට වඩා යහපත් රටක් කිරීම බවත් අමාත්‍යවරයා පැවසීය
උතුරේ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කර ඇති බවත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය හරහා මන්දි ගෙවීම් සහ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නානායක්කාර මහතා පැවසීය
අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වන්නේ දේශපාලන හේතු මත නොව පරිපාලනය ගැටලු මත බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd