(මුදිතා දයානන්ද)
මහානායක හිමිවරුන් ශාසනයේ යුතුකම නිසි පරිදි ඉටු කරන්නේ නම් භික්ෂූන් වහන්සේලාට පාර්ලිමේන්තුව යනවාද, දේශපාලනය කරනවාද ආදී ප්‍රශ්න පැන නගින්නේ නැති බව රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ අද (06) පැවසූහ.
සෝභිත හිමියෝ මෙසේ පැවසුයේ ජාතික පුස්තකාල ප්රලේඛනයේදි පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එම්සීසි ගිවිසුම, එට්කා ගිවිසුම, සුනාමි සහන මණ්ඩලය ස්ථාපිත කිරීම වැනි රටට හානිකර ගැටලූ පැන නැගි අවස්ථාවලදි මහානායක හිමිවරුන් ඒවාට එරෙහිව හඬ නගනු තමන් වහන්සේලා දැක නැති බවද සෝභිත හිමියෝ පැවසූහ.
භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුමය කියන අදහසක තමන් වහන්සේට නැති නමුත් අවශ්‍යතාවය අනුව එසේ නියෝජනය කිරීමේ ගැටලූවක් නැති බවද උන්වහන්සේ පැවසූහ. එහෙත් භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තු නොයන පරිදි කටයුතු කළ යුතු යැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි හිමියෝ කරන ප්‍රකාශයෙන් භික්ෂුවට රට වෙනුවෙන් කටයුතු කරන්න තිබෙන අවස්ථාවක් අහිමි කරමින් උන්වහන්සේලා පන්සල තුළට කොටු කිරීමේ ස්වභාවයක් පැන නගින්නේ යැයිද සෝභිත හිමියෝ පැවසූහ.
දේශපාලනය යන්න උතුම් කාර්යයක් වන අතර එය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව බුදුන් වහන්සේ ඉතාමත් මැනවින් පෙන්වා දි ඇති බවද උන්වහන්සේ පැවසූහ. ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරන ලෙස බුදුන් වහන්සේ පෙන්වා දි ඇති බවද උන්වහන්සේ පැවසූහ.
භික්ෂුන් වහන්සේලා නියෝජනය කළ යුත්තේ සිංහල බෞද්ධ පක්ෂය පමණක් වන අතර මහානායක හිමිවරුන් කළ යුත්තේ එවැනි පක්ෂ නියාමනයකට ලක් කිරීම බවද සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනාහිමිවරුන්ට සන්තෝෂම්, පඬුරු, පාක්කුඩම් එහෙම ලැබෙනවා නම් කවර කතාද?
භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුමයි කියන අදහසක තමන් වහන්සේට නැති නමුත් අවශ්‍යතාවය අනුව එසේ නියෝජනය කිරීමේ ගැටලුවක් නැති බවද උන්වහන්සේ පැවසූහ. භික්ෂූන් වහන්සේලාට පාර්ලිමේන්තුව තුළදී ජාතික ඇඳුමින් සැරසීමටත් ඉන් පිටතදී සිවුරෙන් සැරසී භික්ෂුවක් සේ හැසිරීමට අවස්ථාව ලබාදෙන්න. එවිට දෙපැත්තම බේරාගන්න හැකිවේවි...!!!
භික්ෂූන්වහන්සේලා ධර්මයේ පිහිටෙව්වා නම් කොහොමද?
හොඳ අදහසක්.. ඒත් හාමුදුරුවනේ සංඝයා වහන්සේ බුදුදහම දේශනා කරමින් සිල්වත්ව පන්සලට වී ජාති, ආගම්, කුල, මල බේදයකින් තොරව රට වැසියා යහපත් මගට යොමු කිරීමට ක්‍රියා කරොත් තමයි හොඳ. සංඝරත්නයේ ගෞරවය රැකි රටවැසියා ඔවුන්ට අවනත වන්නේ එවිටයි. සිංහල බෞද්ධ කියලා බුදුහාමුදුරුවෝ බණ දේශනා කරලා තියෙනවද? ඒ වචනයේ තියෙන්නේ ජාතිවාදය, ආගම්වාදය... එයින් සිදුවන්නේ සමාජයට අයහපතක්...
භික්ෂූන්වහන්සේලාට ප්‍රශ්නයකට තියෙන්නේ සසරින් එතෙරවීම නේද?
බුද්ධ වචනයේ තියනවා නේද? තමන්ගේ ක්‍රියාවන්ට තම තමන්ම විඳවනවා මිස අනුන් විඳවන්නේ නැතිබව? පිස්සු කියවන්න එපා. මහා නාහිමිවරු කවදාවත් කියලා තියනවද විනය පිටකය කඩන්න කියලා... මහා නාහිමිවරුන්ගෙන් අහලද? දැනුවත් කරලද? මිලමුදල් අතපත ගාන්නේ..? ලොකු යානවාහන සන්තකයේ තබා ගන්නේ... මහා නාහිමිවරු කොයිබදද කියලා තියෙන්නේ බණකට, දානෙකට යනවා නම් මුදල් අයකරන්න කියලා. විරෝදතාකරුවන් සමග එකතු වී පෙළපාලි යන්න කියලා. අල්පේච්ච දිවියක් ගෙවන්න කියලා ඇවිත් සියලු කම්සැප විඳින්න කියලා කොහෙද තියෙන්නේ... පහුගිය දිනවල විශ්ව විද්‍යාල ප්‍රතිපාදනේ ඉස්සරහ අට්ටාලයේ සිද්දවුණු දේවල් ජනමාධ්‍ය ඔස්සේ දැක්කෙම නැද්ද? ලියන්න ගියොත් පන්සිය පනස් ජාතකේ වගේ ලියන්න දේවල් තියෙනවා...
සම්පූර්ණ ඇත්ත, මහනායකතුමන්ලා මීට වැඩිය රටේ ප්‍රශ්න, අන්‍යාගමීකරණය, බෞද්ධ ජනතාව, ගැන සහ බෞද්ධ අධ්‍යාපනය ගැන සොයා බැලිය යුතුයි. උදාහරණයකට බලන්න... කතෝලික සභාවේ ප්‍රධානි කාදිනල්තුමා තමාගේ ජනතාවට මොනතරම් සැලකීමක් කරනවද? කතෝලික පාසලකට අන්‍යාගමික දරුවකු පවා ඇතුල් කරගැනීමට (සෙන්ට් පිටස්, ගුඩ්ස්හෙපර්ඩ්, සෙන්ට් තෝමස් ආදිය) අවස්ථාව නොදෙන්නේ එම අවස්ථාව පහ කතෝලික දරුවෙකුටම ලබා දීමටයි. එ්ත් අපේ මහානයක හිමිවරු රටේ ඉතුරුවෙලා තියන බෞද්ධයින් රැකගන්න කටක් අරිනවද?
හාමුදුරු නමක් රට, ජාතිය බේරගන්න දුටුගැමුණු රජතුමා සමග යුද්ධයට ගියා ගියා... නමුත් උන්වහන්සේ සිවුරු ඇඳගෙන යුද්ධ කරන්න ගියේ නැහැ.. ගියේ සිවුරු හැරලා, දැන් බලාගෙන අන්තරේ කැඳවුම්කරුත් හාමුදුරු නමක් පාර්ලිමේන්තුවේත් හාමුදුරුවරු, මේ ප්‍රවණතාවය බුදුදහමට හානිකරය. දේශපාලනය කරන කෙනෙකු සිවුරු හැරලා ඒවා කරනවා නම් හොඳ බව මගේ අදහසයි...
රට, ජාතිය බේරාගන්න ඉදිරියට අවා ගුණානන්ද, ශ්‍රී සුමංගල වගේ හිමිවරු, පාර්ලිමේන්තු යන්න ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ.. ඔවුන් තීරුබදු රහිත මිලට ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රාඩෝ, බෙන්ස් කාර් විකුණලා... ආණ්ඩුවෙන් ලැබෙන වෙන වාහනයක පිනට පැට්රල් ගහගෙන ගමන් ගියෙත් නැහැ. අසරණ නවක සිසුන්ට අමානුෂික හිංසා ඇතුළු දසවද දෙන, අන්තරේ වැනි සංවිධානයක නායකත්වය දැරුවෙත් නැහැ.
හාමුදුරුවනේ, අසරණ නවක සිසුන්ට වදහිංසා ඇතුළු ශාරීරික සහ මානසිකව අමානුෂික වද හිංසා කරන එක විශාල පාපකර්මයක්... ඒවා මෙහෙයවන ඒවාට විරුද්ධව යමක් නොකියන සංවිධානයක් වන අන්තරේ නායකත්වය දරන එක භික්ෂූන් වහන්සේ නමකට කැපද? හාමුදුරුවරු දේශපාලනය කරන්න ඕනේ නැහැ. දේශපාලකයන්ට නිසිමග පෙන්වීම සහ අවවාද අනුශාසනා කිරීම පමණක් කළාම ඇති... ඔබ වහන්සේ කරන්නේ හැමදාම රාජපක්ෂ පවුලට කඩේ යන එක... අපවත් වුණු සෝභිත හිමි නම් හැමදාම සිටියේ ජනතාවගේ පැත්තේ... එතුමන් කවදාවත් පාර්ලිමේන්තු යන්න ඡන්දෙ ඉල්ලුවේ නැහැ. තමන්ගේ උදව්වෙන් බලයට පත්වුණු දේශපාලන නායකයන් වුණත් වැරදි පාරේ යනකොට ඔවුන් විවේචනය කිරීමට සහ ඔවුන්ට විරුද්ධව අදහස් ප්‍රකශ කිරීමට පැකිලුනේ නැහැ.. එතුමන් අර කලින් සඳහන් කළ ගුණානන්ද හිමිගේ මොඩල් එකේ හාමුදුරුනමක්... මෙම ප්රශ්නයේදී මහානායක හිමිවරුන්ගේ ස්ථාවරය හරි, ඔවුන් බලන්නේ යම් පමණකට හරි බුදුසසුන ආරක්ෂා කරගන්න. හාමුදුරුවරුන්ගේ මූලික යුතුකම බුද්ධ ධර්මය සහ බුදුසසුන ආරක්ෂා කරගැනීම.., ගිහියන්ට වගේ ඔවුන්ට රට සහ සිංහල ජාතිය ආරක්ෂා කරගැනීමට දේශපාලනය කිරීමට හෝ යුද වැදෙන්න බැහැ...
අවසරයි අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. අප විශ්වාස කරනවා භික්ෂූන් වහන්සේලා රටේ ආරක්ෂාවේ මෙන්ම ආගමේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණ අදාළ කටයුතු සඳහා පාලන අධිකාරියට අවවාද, ඔවදන් මෙන්ම ඔබ වහන්සේලාගේ අදහස් ඉදිරිපත් කිරීමෙහි කිසිඳු වරදක් නොමැති බව... එනමුත් අන්තරේ ඉන්න හරකුන් සාමණේර වහන්සේ කෙනෙකු නයෙකු ලෙස තෝරාගෙන ඒ කළ ක්‍රියා ගිහියන් හැටියට අපට නම් කිසිසේත්ම අනුමත කිරීමට නොහැකි බව සඳහන් කරන්නෙමු. එමගින් ඉතා වටිනා චිවරයට මෙන් බෞද්ධාගමට නිගාවක් බව ඕනෑම කෙනෙකුට තේරුණත් තේරුම් ගැනීමට අවශ්‍යම අදාළ අයට නොතේරීම ඉතාම කණගාටුවකි. අන්තරේ ඉන්න බූරුවන් උන්වහන්සේ ඉදිරියට හිතාමතාම ගෙන කළ ඒ ක්‍රියාව එම සාමනේර වහන්සේටද නොතේරීම ඉතාම අවාසනාවකි. මේ සියල්ල පිටුපස සිටින්නේ දියවන්නා ඔයේ කලුකුමාරයා ඇතුළු නිවට රතු හැට්ටකාරයින් බව ළදරුවෙකුට තේරෙන කාරණයකි. සාමනේරවහන්සේ නමක් මහජනතාවට ඉතාම අපහසුවෙන ආකාරයට හැසිරීම හා ඊට උඩගෙඩි දුන් සියලුම ගිහියන් දැන් මොනවද ගිලපු කලවැද්දන් ලෙස සිටීමත් ඉතාම හාස්‍යජනකයි.